කාන්තාවන්ට පමණක් වෙන්වූ ඡන්ද පොළ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 11, 2018

කාන්තාවන්ට පමණක් වෙන්වූ ඡන්ද පොළ


මෙවර ඡන්ද විමසීම කාන්තාවන්ට විශේෂ වූවක්.කාන්තා නියෝජනය 25%ක් කිරීම ඒ අතර ප්‍රධානයි. කාන්තාවන් වෙනුවෙන්ම ඡන්ද පොළක්ම මෙවර ක්‍රියාත්මක වුණා. බටහිර කොළඹ ශාන්ත සෙබස්තියන් සිංහල මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අද ක්‍රියාත්මක වුණේ කාන්තාවන්ට පමණයි.සාමාන්‍යයෙන් ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ප්‍රකාශ කිරීමට පිරිමි හා කාන්තා යනුවෙන් පෝලිම් දෙකක් දක්නට ලැබුණ ද මෙම මධ්‍යස්ථානයේ පැවතුණේ කාන්තාවන්ගේ ඡන්ද පෝලිම පමණයි.එමෙන්ම මෙහි ඡන්ද රාජකාරීවල නිරත වුණේ ද කාන්තාවන් පමණයි. ආරක්‍ෂාවට සිටියේ ද පොලිස් කාන්තාවන්.
මේ අනුව කාන්තාවන් පමණක් රාජකාරී කළ, කාන්තාවන්ට පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසුනු මධ්‍යස්ථානයක් ලෙසයි බටහිර කොළඹ ශාන්ත සෙබස්තියන් සිංහල මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අද ඉතිහාසයට එක්වුණේ. කාන්තාවන් දේශපාලනික වශයෙන් බලගැන්වීමේ හා දිරිගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි මෙය ක්‍රියාත්මක වුණේ.

No comments:

Post a Comment

Post Bottom Ad