ශිව දෙවියන් වෙනුවෙන් පුද - පූජා පවත්වන මහා ශිව රාත්‍රී දිනය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 13, 2018

ශිව දෙවියන් වෙනුවෙන් පුද - පූජා පවත්වන මහා ශිව රාත්‍රී දිනය අදයි


මහා ශිව රාත්‍රී දිනය ශිව දෙවියන් ප්‍රිය කරන රාත්‍රිය ලෙස හැඳින්වෙනවා. හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන දෙවියා වන්නේ ශිව දෙවියායි. ශිව රාත්‍රිය බිහි වූ ආකාරයත්, එම රාත්‍රියේ මහිමයත් කියාපාන දේව කථා රැසක් පවතිනවා.
අඳුර ආලෝකයට හැරවූ රාත්‍රිය, ශිව රාත්‍රිය ලෙසයි හින්දු බැතිමතුන් සළකන්නේ. ඔවුන් මහා ශිව රාත්‍රියේ උපවාස කරනවා. එය සම්පූර්ණ කෙරෙන්නේ, හෙට අලුයම දක්වා පැවත්වෙන විශේෂ පූජා 4කට සහභාගීවීමෙන්.
ශිවරාත්‍රිය අර්ථාන්විතව ගත කරන සෑම බැතිමතෙකුටම මෝක්ෂය ලබාගත හැකි බව ස්කන්ද පුරාණය පෙන්වා දෙනවා.
භක්තිය දියුණු කොට, සිතින් දෙවියන් හා එක්වීම මෙහිදී සිදු කෙරෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad