අල්ලපු හොරෙකුත් නෑ දුන්න දඬුවමකුත් නෑ - අසාද් සාලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 13, 2018

අල්ලපු හොරෙකුත් නෑ දුන්න දඬුවමකුත් නෑ - අසාද් සාලි

හොරු අල්ලනවා කිව්වා! අල්ලපු හොරෙකුත් නැහැ. හොරු ඇල්ලුවා නම් දඬුවම් දෙන්න ඕනෑ. අවසානයේ අල්ලපු හොරෙකුත් නැහැ.දුන්න දඬුවමකුත් නැහැ. එජාපයට වැරදුනේ ඒ නිසයි.
බලයට පත්වෙලා අවුරුදු තුනයි.

කරපු වැඩක් නැහැ. ඉතින් ජනතාව ඡන්දය ලබාදී නැතැයි කොළඹ මහ නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ පුරපති අපේක්ෂක අසාද් සාලි මහතා කළ විමසුමකදී පැවැසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරපති අපේක්ෂකයා ලෙස මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයේ දකුණු කොච්චිකඩේ අපේක්ෂකයා ලෙස තමා තරග කළත් තමාට යාබද නාගරික ආසනයක් වන උතුරු කොච්චිකඩේ නාගරික ආසනයට තම පක්ෂයෙන් තරග කළ අනුර සුජීව කුමාර හා ජින්තුපිටිය නාගරික ආසනයට තරග කළ ආර්.එම්. තුෂාර හේමන්ත (අපේ මංජු) මහත්වරු දෙදෙනා ජය ලබාගත් බවද අසාද් සාලි මහතා පැවැසීය.
අසාද් සාලි මහතා මෙසේද කීය.

බලයට ඒමට පෙර දුන් එකදු පොරොන්දුවක්වත් ක්‍රියාත්මක වුණේ නෑ. ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් ඝාතන ගැන කිසිම පරීක්ෂණයක් වත් විධිමත් ලෙස සිදු වෙලා නෑ. ජනතාවගේ සෑම දෙයක් පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒවා කිසිවක් ඉටු නොවුණු බවද හෙතෙම සඳහන් කළේය.

ආරියරත්න ගනේගොඩ

No comments:

Post a Comment

Post Bottom Ad