ව්‍යාජ පංදිචිය සහ හැඳුනුම්පත් අංක ඇතුළත් කොට පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතිකේෂප කිරිමේ කුමන්ත්‍රණයක්.. මෙන්න විසඳුම සියලු විස්තර මැතිවරණ වෙබ් අඩවියෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 9, 2017

ව්‍යාජ පංදිචිය සහ හැඳුනුම්පත් අංක ඇතුළත් කොට පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතිකේෂප කිරිමේ කුමන්ත්‍රණයක්.. මෙන්න විසඳුම සියලු විස්තර මැතිවරණ වෙබ් අඩවියෙන්..

මේ වනවිට දිවයින පුරා මැතිවරණ උණුසුම ඉහළ යද්දි ආණ්ඩුවේ සියලු උපායමාර්ග වී ඇත්තේ කෙසේ හෝ මහින්දගේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා ලැයිස්තු ප්‍රතිකේෂ්ප කිරිමට උපායමාර්ග සැලසුම් කිරිමයි.

මේ බැව් හෙලිවෙන්නේ කන්ද උඩරට පලාතක ආණ්ඩුවේ සිටින අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවෙකුගෙනි. එබැවින් දිවයිනේ සෑම ඡන්දදායයකුගේම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය සියලු දත්ත සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයන් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් මේ වනවිට ස්වාධීන මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන් තහවුරු කර ගත හැකිය.

ඒ අනුව පහත සඳහන් උපදෙස් අනුව දිවයිනේ ඕනම ප්‍රදේශය වෙසෙන ඡන්දදායකුගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැකිය. මේ සඳහා ඕනම පරිඝණකයක් හෝ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කොට ගූගල් පිටුවට ඇතුල් වී,

1. ස්වාධීන මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියය පිවිසීම link
2. අවශ්‍ය භාෂාව තෝරා ගැනිම සඳහා, සිංහල,දෙමළ, ඉංග්‍රීසි මත ක්ලික් කරන්න.
3. එම පිටුවේ වම්පස 3 වෙනුවට සඳහන් කොට ඇති ඡන්දහිමි “නාම ලේඛනය 2017″ මත ක්ලික් කරන්න.
4. එහිදි මැතිවරණ e සේවා පිටුව දිස්වේ.
5. එම පිටුවේ ” පලාත් පාලන ඡන්ද හිමි ලියාපදිංචි විස්තරය” ප්‍රතිශොධන 2017 සඳහන් අවශ්‍ය තොරතුරු කොටු පුරවන්න,
අ) ශ්‍රි.ල.හැ.අ./ ජා.හැ.අ: උදා. **********v
ආ) පරිපාලන දිස්ත්‍රික්කය: උදා, කොළඹ
ඇ) ඉන් පසුව පහලින් ඇති කොටුවේ ” පහතින් දැක්වෙන කේතය ඇතුලත් කරන්න” ලෙස අංකයක් ලබාදි ඇති අතර එය නිසි පරිදි එම කොටුව තුලට ඇතුලත් කරන්න.
ඉ) ඉන් පසුව ඊට පහලින් ඇති කොටුවේ ” පෙන්වන්න” ක්ලික් කිරීමෙන් ඔබගේ පහත සඳහන් සියලුම විස්තර ලබාගැනීමට හැකිය.

1.සම්පූර්ණ නම වාසගම සහිතව, 2. ශ්‍රීලංකා හැදුනුම්පත් අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය, 3.පරිපාලන දිස්ත්‍රික්ය 4.පලාත් පාලන ආයතනය, කොට්ඨාස අංකය හා නම 5.ඡන්ද කොට්ඨාස අංකය හා අක්ෂරය,6. අනුක්‍රමික අංකය, 7. ග්‍රාම නිලධාරි කොට්ඨාසය, 8. ගම/වීදිය. 9.ගෘහ අංකය

ඒ අනුව මෙම විස්තර ලබාගැනිමට නොහැකි නම් මැතිවරණ කොමිසම එහි සඳහන් අංක අනුව අමතන්න, මෙහි නම සහ විස්තර සඳහන් නොමැති කිසිවකුට එලබෙන පලාත් පාලන මැතිවරණයේ දි ඡන්දය ඉල්ලිමට හෝ ප්‍රකාශ කිරිමට නොහැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad