ජයන්ත-උදයශාන්ත-නිරෝෂන් ජානිපෙන් ඉවතට..? විමල් තනිවෙයි..?? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 10, 2017

ජයන්ත-උදයශාන්ත-නිරෝෂන් ජානිපෙන් ඉවතට..? විමල් තනිවෙයි..??

ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එම පක්‍ෂයෙන් ඉවත්ව යන බවට මාධ්‍ය වාර්තා පලව තිබීම තම පක්‍ෂයට එරෙහි අවලාද මෙහෙයුමකට කොටසක් බව ජානිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඉන් පසු ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස ඉතිරි වන්නේ විමල් වීරවංශ මහතා පමණක් යයිද එම වාර්තාවන්හි දැක්වෙන බවද ඔහු සදහන් කරයි. ජාතික නිදහස් පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ පැවිත මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් ප්‍රෙම්රත්න කියා සිටියේ තමන් එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බවට පසුගිය දින කිහිපයේම වාර්තා පලව තිබූ බවයි. කිසිසේත්ම තමන් එක්සත් ජාතික පක්‍ෂය යටතේ දක්නට නොලැබෙනු ඇති බවද ඔහු එහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad