ප‍්‍රාදේශීය සභා අක‍්‍රියයි.. සංචාරක ප‍්‍රංශ දරුවෙකු පිස්සු බල්ලෙක් සපා කා ජලභීතිකාවෙන් මිය යයි.. ලෝ පුරා ප‍්‍රචාරයේ.. සංචාරක ව්‍යාපාරයට කණකොකා හඩයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 23, 2017

ප‍්‍රාදේශීය සභා අක‍්‍රියයි.. සංචාරක ප‍්‍රංශ දරුවෙකු පිස්සු බල්ලෙක් සපා කා ජලභීතිකාවෙන් මිය යයි.. ලෝ පුරා ප‍්‍රචාරයේ.. සංචාරක ව්‍යාපාරයට කණකොකා හඩයි..

පසුගිය සඳුදා ප්‍රංශයේ දි වයස අවුරුදු 10 ක පාසල් ශිෂ්‍යයකු මියගිය පුවත් ජාත්‍යන්තර මාධ්‍ය විශාල ලෙස වාර්තා කොට තිබුනි. මෙම දරුවා නිවාඩු ගතකිරිම සඳහා තම දෙමව්පියන් සමඟ ශ්‍රීලංකාවේ සංචාරය කොට තිබුණේ මීට ටික දිනකට පෙරයි. 

එම ප්‍රංශ ජාතික පවුල දකුණු පලාතේ සංචාරකයන් බහුලව ගැවසෙන දික්වැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තම නිවාඩුව ගතකිරිමට තෝරාගත්තේ තම පාසල් වියේ දරුවාට විනෝදය සඳහායි. මෙම පිරිස දික්වැල්ල මුහුදු වෙරළේ විනෝදවෙමින් සිටින අවස්ථාවක දඩාවතේ යන බල්ලකු විසින් සපා කෑ අතර ඉන්පසු ඔවුන් තම රට බලා ගොස් ඇත. එහිදි මෙම දරුවා පිස්සු බල්ලකු විසින් සපා කා ඇති බවත් ඒ නිසා දරුවාට ජල භීතිකා රෝගය වැලදි රෝගය උත්සන්න වී ඇති බව ප්‍රංශ රෝහලකට ඇතුළු කිරිමේන් අනතුරුව සොයා ගෙන ඇත. 

එහෙත් ඒ වනවිට සුවකල නොහැකි තත්ත්වකින් දරුවා පසු වු අතර ඊට දින කිහිපයකට පසුව පසුගිය දා මියගොස් ඇත. ප්‍රංශයේ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කල රටක් වන අතර, මෙය වසර 99 කට පසුව ප්‍රංශය රෝහලකදි පිස්සු බල්ලෙක් සපා කා ජල භීතිකා රෝගය වැලදි මියගිය පලමු දරුවා ලෙස වාර්තා වේ. එමෙන්ම මෙම සිද්ධියෙන් පසුව දරුවා ගිය පාසල සහ ඇසුරු කල පිරිස් සඳහා අවශ්‍ය ජල භීතිකා රෝගය වැලැක්වීමට අවශ්‍ය එන්නත් ලබාදීමට ද ප්‍රංශ සෞඛ්‍යය අධිකාරිය කටයුතු කොට ඇති බැව් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණි.

මේ සම්බන්ධව දික්වැල්ල ප්‍රදේශයේ අදාළ හෝටල් කළමනාකරණය පවසන්නේ දික්වැල්ල ප්‍රාදේශිය සභාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත්තේ ප්‍රදේශයේ මහජන නියෝජිතයින් නොමැති කම නිසා බවයි. පොදු කාර්යයන් වන කුණු කසල ඉවත් කිරිම මෙන්ම මහජන සෞඛ්‍යය ඉතා දරුණු ලෙස කඩාවැටීමෙන් මෙවෙනි උවදුරුවලාට තමන්ට මුහුණ දීමට සිදු වූ බවත් මුහුදු වෙරළේ පාලනය ප්‍රාදේශිය සභාව සතු බවත් දඩාවතේ යන සුනඛයන් විශාල වශයෙන් සංචාරක කර්මාන්තයට තර්ජනයක් බවත් ඒ සම්බන්ධව පැමිණිකිරිමට පවා අද මහජන නියෝජිතයකු නොමැති වුවත් විශාල වරිපනම් බදු මෙන්ම අනෙකු බදු ආණ්ඩුවට ගෙවන බවයි.

ඩේලිමේල් මාධ්‍ය වාර්තාව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad