‘ග‍්‍රාම ශක්ති’ සමාරම්භකයෙන් ජනාධිපති දියණියට කෝටි තුනහමාරක්.. තව කෝටි 600ක් ඉල්ලන බව එජාප වෙබ් අඩවියක් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 23, 2017

‘ග‍්‍රාම ශක්ති’ සමාරම්භකයෙන් ජනාධිපති දියණියට කෝටි තුනහමාරක්.. තව කෝටි 600ක් ඉල්ලන බව එජාප වෙබ් අඩවියක් කියයි..

පසුගිය 20 වැනිදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සුගතදාස ක‍්‍රීඩාංගනයේදී ආරම්භ කරන ලද ‘ග්‍රාම ශක්ති’ වැඩපිලිවෙලේ සමාරම්භක උත්සවය සදහා රුපියල් කෝටි තුනහමාරක මුදලක් ජනාධිපති දියණිය චතුරිකා සිරිසේනගේ ප‍්‍රචාරක ආයතනයක් වෙත ලබා දී ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

මෙම මුදල ලබා දී ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමක් තොරව බවත් ‘ග්‍රාම ශක්ති’ ප‍්‍රවර්ධන කටයුතු සදහා යයි කියමින් තවත් කෝටි 2ක් ද මුදල් ඇමැතිගෙන් ඉල්ලා ඇති බවත් එහි සදහන්ය. ලබන වසර සඳහා වන අයවැය මගින් මෙම වැඩපිලිවෙලට තවත් රුපියල් කෝටි 600 ක් වෙන් කරන්නැයිද මුදල් ඇමතිගෙන් ඉල්ලා ඇති බවද සදහන් එම වාර්තාව අඩුම තරමින් ඉන් කෝටි 60 ක් සාක්කු වලට දමා ගනු ඇති බවද කියයි.

සම්පුර්ණ වාර්තාව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad