ප්‍රවේශම් වන්න , ඔබේ ජංගම දුරකථනයේ තහවුරු අංක කාටවත් දෙන්න එපා - ජංගම දුරකථන යොදා ගෙන කරන අලුත්ම සෙල්ලමක් හෙළිවේ .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

ප්‍රවේශම් වන්න , ඔබේ ජංගම දුරකථනයේ තහවුරු අංක කාටවත් දෙන්න එපා - ජංගම දුරකථන යොදා ගෙන කරන අලුත්ම සෙල්ලමක් හෙළිවේ .!

තාක්ෂණයේ දියුණුවත් සමග එම තාක්ෂණයද මුසුවූ විවිධ දූෂණ වංචා සමාජයේ සිදු වෙනවා,  වෙනත් අයගේ ජංගම දුරකථන යොදාගෙන සිදු කරනා එවැනි ජාවාරමක් පිළිබදව අපිට වාර්තා වෙනවා, මේ පිළිබදව අපට තොරතුරු සැපයූවේ SLCERT ජ්‍යේෂ්ඨ ආරක්ෂක ඉංජිනේරූ රොෂාන් චන්ද්‍රගුප්ත,

ඒ මහතා පවසන ලෙසට වෙනත් අයගේ ජංගම දුරකථන වලින් වට්ස්ඇප් , වයිබර් , ඉමෝ අදී යෙදවුම් වලින් ගිණුම් සාදා වෙනත් අය ලෙස පෙනි සිට විවිධ ජාවාරම් සිදු කර ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේ පමණක් එවැනි සිදුවීම් පිළිබද පැමිණිලි පහක් පමණ SLCERT ආයතනයට ලැබි තිබෙනවා, මෙවැනි දේවලින් ආරක්ෂා වීමට නම් තමන්ගේ ජංගම දුරකථනයට ලැබෙනා තහවුරු කිරීමේ අංක (verification codes) අන් අය සතු නොවනා ලෙස වග බලා ගන්නා ලෙසද ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත අප හා පැවසුවා,

ඔබගේ ජංගම දුරකථනය ඔබ සතුවම තබා ගත යුතු අතර එවැනි තහවුරු කිරීමේ අංකයක් ඔබ නොදැනුවත්ව කෙටි පණිවිඩයක් ලෙස ඔබගේ ජංගම දුරකථනයට පැමිනේ නම් එහි අර්ථය වෙනත් අයෙක් ඔබගේ ජංගම දුරකථන අංකය යොදාගෙන ඉහත යෙදවුම් සදහා ගිණුම් සෑදීමට සුදානම් වීම බව වන අතර එවිට එම අංකය කිසිවෙකුටත් ලබා නොදීමෙන් ඔබට අවදානමෙන් ගැලවිය හැකි බවද ඉංජිනේරූ රොෂාන් චන්ද්‍රගුප්ත අප හා වැඩි දුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad