” අපි අල්ලලා දාපු හොරු දෙන්නට චයිනීස් කෑම එවන්නේ ඇයි ? වහාම ඒක නවත්තලා දාන්න ” සිල් රෙදි නඩුවේ සිර කරුවන් දෙදෙනා චයිනීස් කෑම කනවාලූ , ඇමතිගේ මූණටම රංජන් කියපු කතාව .! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

” අපි අල්ලලා දාපු හොරු දෙන්නට චයිනීස් කෑම එවන්නේ ඇයි ? වහාම ඒක නවත්තලා දාන්න ” සිල් රෙදි නඩුවේ සිර කරුවන් දෙදෙනා චයිනීස් කෑම කනවාලූ , ඇමතිගේ මූණටම රංජන් කියපු කතාව .! (VIDEO)

සිල් රෙදි නඩු තීන්දුවෙන් සිර ගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට එරෙහිව වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් පැවතුනා.

මෙම විරෝධතාව සදහා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකද පැමිණි සිටි අතර ඉන්පසුව විරෝධතාකරුවන් හමුවී සාකච්ඡා කිරීමට ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්ද පැමිණියා.

එහිදි ස්වාමිනාදන් අමාත්‍යවරයාට රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවර‍යා පැමිණිලි කළේ සිරගතව සිටින හිටපු රාජ්‍ය සේවකයන් දෙදෙනාට චීන ආහාර ලැබෙන බවයි. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ” දැන් අපි අල්ලලා දාපු හොරු දෙන්නට චයිනීස් එවන්නේ මොකද ඇමතිතුමා , ඒක නවත්තන්න මොකද ඒ ගොල්ලෝ කෝටී හැටක් හො‍රකම් කරලා තියෙනවා” යනුවෙනි.

සිදුවීමට අදාළ විඩීයෝව පහතින්...




No comments:

Post a Comment

Post Bottom Ad