පාකිස්තානය ගිය තිසරට තරග තුනට ලක්ෂ 154ක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

පාකිස්තානය ගිය තිසරට තරග තුනට ලක්ෂ 154ක්..

පාකිස්තාන කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 තරග තුනක් මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙයි.

එම තරගාවලිය වෙනුවෙන් ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා තරග කරයි. තරගාවලිය වෙනුවෙන් පාකිස්තානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 -3.0 ක මුදලක් වෙන්කර ඇති අතර එහිදී ක්‍රීඩකයෙකු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 100000 (රුපියල් ලක්ෂ 154) ගෙවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව තිසරටද ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් හිමිවෙනු ඇත. මේ අතර තරග තුනෙන් පළමු තරගය ඊයේ (12දා) පැවැති අතර එම තරගයේ ජය පාකිස්තාන කණ්ඩායම හිමිකරගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad