බැසිල්ට – නාමල්ට – ජොනීට – ප්‍රසන්නට ඉදිරියේදී නඩු වැටෙන හැටි මෙන්න! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

බැසිල්ට – නාමල්ට – ජොනීට – ප්‍රසන්නට ඉදිරියේදී නඩු වැටෙන හැටි මෙන්න!

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා  සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා අවුරුදු තුන බැගින් බරපතල සිරදඬුවමට පසුගියදා (07) යටත් කළා. ඒ  කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.
මෙම නඩුව ගොනු කර තිබුනේ නීතිපතිවරයා විසින්. ඒ  FCID හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන  කොට්ඨාශය විසින් විමර්ශන අවසන් කොට නීතිපතිවරයා වෙත භාර දී තිබූ  ලිපි ගොනුවක් මතයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විමර්ශන අවසන් කර පවරන ලද නඩු සම්බන්ධයෙන් ප්‍රකාශිත පළමු තීන්දුව මෙයයි. පසුගිය  පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පිහිටුවනු ලැබුවා. පොලිස්පතිවරයා වෙත  වෙත ලැබෙන පැමිණිලි ඒවායේ ස්වභාවය අනුව විවිධ කොට්ඨාසවලට හා විවිධ ආයතන වෙත යොමු කරනු ලබනවා.

ඒවා නම්…..

* අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)
* කොළඹ වංචා විමර්ශන කාර්යාංශය
* අල්ලස් කොමිසම

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණිලි ලැබෙන්නේ මෙම ප්‍රධාන ආයතන තුන  මගින්.
මේ වන විට  FCID ට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව – 335
ඉන්  පරීක්ෂණ අවසන් කොට  නීතිපතිවරයා  වෙත යොමු කර ඇති ගොනු  සංඛ්‍යාව – 89
ඒ අතුරෙන් මහාධිකරණවල නඩු පවරා ඇති සංඛ්‍යාව – 12
ගොනු වැසූ සහ වෙනත් ආයතනවලට යොමු කර ඇති සංඛ්‍යාව – 115
විමර්ශන යටතේ පවතින පැමිණිලි ගණන  – 131

මහාධිකරණවල  පවරා ඇති නඩු – 12   පහතින් දැක්වෙයි.




No comments:

Post a Comment

Post Bottom Ad