“අම්මේ මම ආදරෙයි ගොඩක් – මට හිටියේ ලෝකේ හොඳම කෙල්ල” කියා ෆේස්බුක් දැමූ ගායක කොස්තාපල් තරුණයා වෙඩි තබා දිවිනසාගත් හැටි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

“අම්මේ මම ආදරෙයි ගොඩක් – මට හිටියේ ලෝකේ හොඳම කෙල්ල” කියා ෆේස්බුක් දැමූ ගායක කොස්තාපල් තරුණයා වෙඩි තබා දිවිනසාගත් හැටි (PHOTOS)

බණ්ඩාරවෙල, බොරලන්ද පොලිස් විද්‍යාලයේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු සිය සේවා පිත්තෝලයෙන් වෙඩි තබාගෙන මිය ගොස් තිබෙනවා. අද උදෑසන 7.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගේට්ටුව අසල ඇති ආරක්ෂණ කුටිය තුලදී කොස්තාපල්වරයා මෙලෙස වෙඩි තබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ලක්මාල් ප්‍රියන්ත නමැති අම්පාර වීරගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවරිදි ඔහු විද්‍යාලයේ ආරක්ෂාව සදහා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වනවා. ඔහු හොද ගායකයෙකුද වන බව වාර්තා වී තිබේ. ප්‍රේම සම්බන්ධතාවයක් බිඳියාම මත ඇති වූ හිත් රිදීම මත ඔහු මෙම වෙඩි තබාගැනීම සිදුකරගෙන ඇති අතර ඊට පැය කිහිපයකට පෙර ඔහු ෆේස්බුක් සමාජජාලය ඔස්සේ කනගාටුදායක සංවේදී දෑ කිහිපයක්ම පළ කරමින් සිය නික්මයාම ගැන හැඟවීමක් සිදුකර තිබුණා.

සිය පෙම්වතිය ලොව හොදම පෙම්වතිය බව දැක්වෙන ප්‍රකාෂණයක් සිදුකර තිබූ ඔහු අවසන් වරට සිය මව සමඟ ගත් ජායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකරමින් “ආදරෙයි මම අම්මේ ඔයාට ගොඩාක්” යනුවෙන් සංවේදී සටහනක් තබා තිබේ. එම ෆේස්බුක් සටහන් ඔබට පහතින් නැරඹිය හැක.









No comments:

Post a Comment

Post Bottom Ad