“තාත්තේ මම මිලියනයක් දිනන්න හදන්නේ”, Call-A- Friend අවස්ථාව අරන් තාත්තට කියපු ලොව මවිත කල පුතාගේ වැඩසටහන මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

“තාත්තේ මම මිලියනයක් දිනන්න හදන්නේ”, Call-A- Friend අවස්ථාව අරන් තාත්තට කියපු ලොව මවිත කල පුතාගේ වැඩසටහන මෙන්න (VIDEO)

සිරස රූපවාහිනිය හරහා විකාශය වන “ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති” වැඩසටහන මේ වන විට ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියයි. වරින් වර පැමිණෙන චරිත එහි හිනිපෙත්තටම යමින් රුපියල් මිලියන දෙක ජයග්‍රහණය කල අවස්ථාද තිබෙනවා. අප ඔබට කියන කතාව සිදුවූයේ 1999 ඇමරිකාවේ ලක්ෂපති වැඩසටහනේදී.

ඔහු නමින් ජෝන් කාපෙන්ටර්. ඇමරිකානු ලක්ෂපති (who wants to be a millioner) වැඩසටහන් ඉතිහාසයේ මෙන්ම ලෝකය පුරා එකම තෙමාවකින් විකාෂය වන ලක්ෂපති වැඩසටහන් වල පළමු සුපිරි ත්‍යාග හිමිකරුවා ඔහු. තමන්ට ලැබුණු සියලු ප්‍රශ්ණ වලට කිසිදු පීඩනයකින් තොරව පිළිතුලු ලබාදෙන ජෝන් සිය අවසන් ප්‍රශ්ණයේදී සිය එම වැඩසටහනේ ඇති එක් උදව් ලබා ගැනීමේ ක්‍රමවේදයක් වන call a friend හරහා සිය පියාට කතා කරනවා. 


ප්‍රේක්ෂකයින් මවිත කරමින් ඔහු එහිදි කියා සිටින්නේ තමන්ට පියාගේ උදව් අවශ්‍ය නොවන බවත්, හුදෙක්ම තමන් ඩොලර් මිලියනයක් දිනා ගන්නා බව දැනුම්දීමට පියාට කතා කල බවත්ය. දැනුමෙන් සන්නද්ධ මිනිසුන් සිය දැනුම පිළිබඳව අවිශ්වාසයෙන් පසු නොවේ. හොද ආත්ම ශක්තියකින් යුතු වේ. ජෝන්ගේ වැඩසටහනේ වැදගත් අවස්ථා අඩංගු වීඩියෝවක් ඔබට පහතින් නැරඹිය හැක.

No comments:

Post a Comment

Post Bottom Ad