පොලීසියටත් ගේම දෙන්න ගිය ගණේමුල්ලේ හයි ෆයි අම්මයි දුවයි අතේ කෝට්...! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

පොලීසියටත් ගේම දෙන්න ගිය ගණේමුල්ලේ හයි ෆයි අම්මයි දුවයි අතේ කෝට්...!

සිය මවට අයත් මොටර් රථයක කල්බදු වාරික හතරක්‌ ගෙවා ගැනීමට නොහැකි වීම නිසා එය සිය සොහොයුරකුගේ නිවසේ සඟවා තබා කොල්ල කල්ලියක්‌ විසින් පැහැරගත් බවට අසත්‍ය පැමිණිල්ලක්‌ සිදුකොට පොලිසිය නොමඟ යෑවීමට තැත් කිරීම සම්බන්ධයෙන් අදාළ මෝටර් රියේ හිමිකාරිය හා දියණිය පිළිබඳ මාවනැල්ල පොලිසිය මගින් මේ වන විට පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

ගණේමුල්ල පොලිස්‌ වසමට අයත් ඉඹුල්ගොඩ, පරකන්දෙණිය ප්‍රදේශයේ පනස්‌පස්‌ හැවිරිදි කාන්තාවක හා ඇගේ විසිඅට හැවිරිදි දියණිය විසින් පසුගිය 30 දින පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු විසින් ඔවුන් පැමිණි මෝටර් රථය හා ඔවුන් සතුව තිබූ රුපියල් එක්‌ලක්‌ෂ තිස්‌පන්දහස්‌ පන්සියක්‌ වටිනා රන් ආභරණ මංකොල්ල කෑ බවට ගණේමුල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි.

පසුව එම පොලිසිය මගින් මෙම කොල්ලය පිළිබඳ කඩුගන්නාව පොලිසියට දැනුම් දී ඇති අතර එහිදී එම පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය සිදු වූ බව කියන පහළ කඩුගන්නාව ප්‍රදේශය මාවනැල්ල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් වූවක්‌ නිසා ඒ පිළිබඳව මාවනැල්ල පොලිසිය දැනුවත් කරන ලෙසටය. ඒ අනුව මාවනැල්ල පොලිසිය මගින් සිදුකළ විමර්ශනයකදී එවැනි කොල්ල කෑමක්‌ පිළිබඳව සිය පොලිසියට වාර්තා වී නොමැති බවට පවසා ඇත.

මේ අනුව සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කිරිමේදී අනාවරණය වී ඇත්තේ කොල්ල කෑ බව කියන මරුටි මෝටර් රථය කල්බදු ක්‍රමය යටතේ මිලදී ගත් එකක්‌ බවත් ඒ සඳහා රුපියල් තිස්‌පන්දහස්‌ හාරසිය බැගින් වූ මාසික වාරික මුදල් ගෙවා ගත නොහැකිව ඉබ්බාගමුව ප්‍රදේශයේ ඥති නිවසක මෝටර් රිය සඟවා තබා මෙම කොල්ල කෑමේ අසත්‍ය පැමිණිල්ල පොලිසිය වෙත ඉදිරිපත් කොට ඇති බවය. මේ අනුව කොල්ල කෑ බව කියන සඟවා තිබූ මෝටර් රිය මාවනැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් සොයා ගෙන සිය භාරයට ගෙන ඇත.

තවද මෙවැනි අසත්‍ය පැමිණිල්ලක්‌ සිදු කොට පොලිසිය නොමඟ යෑවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මව සහ දියණිය පිළිබඳව මාවනැල්ල දිසා හා මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කොට ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad