පාලකයෝ ලේක්හවුස් සේවක දඩයමක… 2005-2015 රස්සාවට ආවානම් ගෙදර යන්න ලෑස්ති වෙනවා…. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

පාලකයෝ ලේක්හවුස් සේවක දඩයමක… 2005-2015 රස්සාවට ආවානම් ගෙදර යන්න ලෑස්ති වෙනවා….

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලේක්හවුස් ආයතනයට බදවාගත් සේවකයන් ඉලක්ක කර  දඩයමක් අරඹා ඇති බව ලේක්හවුස් සේවකයන් සඳහන් කරන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ලේක්හවුස් ආයතනයෙන් මුද්‍රණය කෙරෙන එක් එක් පුවත්පත්වල මාධ්‍යවේදීන් කැඳවමින් පාලනාධිකාරිය  තර්ජනය කිරීම ආරම්භ කර ඇති අතර ඡායාරූප අංශයේ සේවකයන් හට කෙළින්ම කියා ඇත්තේ  ගෙදර යාමට සූදානමින් සිටින ලෙසය. එක් එක් මාධ්‍යවේදීන් සේවයට ආ කාලසීමාව අසා ඇති පාලනාධිකාරිය 2005-2015 යුගයේ සේවයට පැමිණි අය හට තර්ජනය කර ඇත්තේ මුලින්ම ගෙදර යවන්නේ ඔවුන් බව කියමිනි.

ලේක්හවුස් ආයතනයේ දැනට සේවයේ නියුතු සේවකයන් ගෙදර යවා පිටින් සේවකයන් ගෙන එන බවත් මේ වන විටත් ඉහළ වැටුප්වලට නිලධාරීන් බඳවා ගැනීම අරඹා ඇති බවද වාර්තා වේ. මිට අමතරව ආයතනය තුල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙතෙක් දැරූ තනතුරුවලින් ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් එම තනතුරුවලට පත් කරන ලෙසත් පාලනාධිකාරිය උපදෙස් දී තිබේ.
 

Source : lankanewsalert.com

No comments:

Post a Comment

Post Bottom Ad