තම නම බ්‍රිතාන්‍යයේ බ්ලැක්ලිස්ට් කළ පුවත ගැන සයිටම් පැහැදිලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

තම නම බ්‍රිතාන්‍යයේ බ්ලැක්ලිස්ට් කළ පුවත ගැන සයිටම් පැහැදිලි කරයි

මේ වනවිට එක්සත් රාජධානියේ GMC හි අයදුම්පත් ලියාපදිංචි කිරීම් පිළිබඳව ජනමාධ්‍යවල පළවන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් සයිටම් ආයතනයේ කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව, අදාළ ගැටලූ වලට විසඳුම් ලැබුණු පසුව සයිටම් සිසුන් එක්සත් රාජධානියේ General Medical Council  (GMC) වෙත බඳවා ගැනීම සම්බන්ධ ක‍්‍රියා පටිපාටිය යළි සලකා බැලීමට කටයුතු කරන බවට එම ආයතනයේ අයදුම්පත් ලියාපදිංචි කිරීම් ප‍්‍රධානී රිචඞ් ඒමිසන් මහතා තහවුරු කර තිබේ.

මෙම ගැටලූවට අදාළ නෛතික හෝ වෙනත් කරුණු තීරණය කිරීමට තමන්ට හැකියාවක් නොමැති නමුත් ශ‍්‍රී ලංකා රජය හෝ වෙනත් නීතිමය ආයතනයක් මගින් ලබාදෙන තීන්දුවකට අනුව කටයුතු කිරීමට තමන් පියවර ගන්නා බවද GMC ආයතනය සයිටම් කළමනාකාරීත්වය වෙත දැනුම් දී ඇත. තම උපාධිධාරීන් GMC සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන බව සයිටම් ආයතනය මෙහිදී පෙන්වා දී තිබේ.

සයිටම් සිසුන් GMC සඳහා අයදුම් කිරීම වැළැක්වීමට මැදිහත් වී ඇත්තේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවයි. දෙපාර්ශ්වයට සාධාරණ විසඳුමකට එළඹෙමින් සයිටම් සිසුන්ට GMC සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් තමන් සාකච්ඡා පවත්වමින් සිටින බව සයිටම් කළමනාකාරීත්වය පවසා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad