පාත්තරේ අරන් සල්ලි හිගමනේ යන්නෙ හිගන්නො..- ෆොන්සේකා යලිත් භික්‍ෂුන්ට බැණ වදී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

පාත්තරේ අරන් සල්ලි හිගමනේ යන්නෙ හිගන්නො..- ෆොන්සේකා යලිත් භික්‍ෂුන්ට බැණ වදී..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමළුවට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා සමග තමනට ඇමරිකා යාමට නොහැකි වූයේ ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා නිසා බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමනට ඇමරිකාවට ඇතුළු වීමට වීසා නොලැබුණු බවත් අද ලැබුනොත් අදම ඇමරිකාව බලා පිටත්ව යන බවත් ඒ මහතා සදහන් කරයි. කැලණියේදී පැවති උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය. තව දුරටත් අදහස් පල කරමින් ඔහු සදහන් කලේ අද චීවරයක් ඇදගෙන සිටින අය ‘චීවරධාරියා’ වන වචනයේ තේරුම නොදන්න බවයි.

චීවරධාරියා වනු චීවරයක් අදින භික්‍ෂුවක් බව බෞද්ධ ශබ්ද කෝෂයේ ඇතැයිද සදහන් කරන ඇමති ෆොන්සේකා භික්‍ෂුන්ට පිණ්ඩපාලයේ යා හැක්කේ දානමය කටයුත්තක් සදහා පමණක් බවත් මුදල් එකතු කරමින් පාත්තරය පාන්නේ හිගන්නන් බවත් සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad