තිසර පාකිස්තානයේදී වැඩ පෙන්වයි. තරඟයේ වීරයා සම්මානයත් දිනයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

තිසර පාකිස්තානයේදී වැඩ පෙන්වයි. තරඟයේ වීරයා සම්මානයත් දිනයි

ලෝක කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු හතක ජයක් ලැබීමට ලෝක කණ්ඩායම සමත්විය.

මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කණ්ඩායමට ක්‍රීඩා කරන තිසර පෙරේරා පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන්ද  දක්ෂතා දැක්වීමට සමත්විය.. ඊයේ (13දා) පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු හයට ලකුණු 174ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුුලු තුනක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය.

මෙහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ තිර පෙරේරා පන්දු 19කදී ලකුණු 47ක් රැස්කළේ හයේ  පහර පහක් සමගිනි. පන්දු යැවීමෙන්ද ඔහු පන්දුවාර තුනකදී ලකුණු 21ට කඩුලු දෙකක් දවාගත්තේය. මෙහිදී තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු දෙකේදී ලෝක කණ්ඩායමට ලකුණු 6ක් රැස්කළ යුතුව තිබූ අතර පස්වැනි පන්දුවට හෙය් පහරක් ඒල්ල කරමින් තිසර කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ආවේය.

තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි. අවසන් තරගය අද (14දා) පැවැත්වීමට නියමිතය. තිසර පෙරේරාට තරඟයේ වීරයා සම්මානය හිමිවූ අතර ඔහු තුන්ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා බොහෝ විචාරකයින්ගේ පැසසුමට ලක්ව තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad