ලොතරැයියට ඇදුණ කෝටි 5 ක් ඉවරවෙනකං කුඩු ගැසූ දෙදරු පියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

ලොතරැයියට ඇදුණ කෝටි 5 ක් ඉවරවෙනකං කුඩු ගැසූ දෙදරු පියා


මල් වෙළෙන්දකු ලෙස ජීවිකාව කරමින් සිටි අයෙකුට රුපියල් කෝටි පහේ ලොතරැයි ජයග්‍රහණයක් ලැබූ  පසු ඔහුගේ ජීවිතය හොඳ අතට වෙනුවට නරක අතට වෙනස් කරගෙන මුදල් සියල්ල ඉවර වෙනතුරු කුඩුගසා ජීවිතය නැතිනාස්තිකරගත් පුවතක් ඊයේ අනුරාධපුර අධිකරණයෙන් වාර්තා විය. 

මීට වසර තුනකට ඉහතදී රුපියල් ලක්ෂ පන්සීයක සුපිරි ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී තිබුණ ඔහු අනුරාධපුර ගල්කඩවල ලිපිනයේ පදිංචි හේරත් හාමිගේ රසික බණ්ඩාර සුගතදාස (40) නම් වන  දෙදරු පියෙකි. ඔහු ලොතරැයි ජයග්‍රහණය ලද කාලයේ හතර අතේ සිටි දුස්චරිත මිතුරන් ඔහු වටකරගෙන නරක දේට මුදල් යෙදවූ බව ඔහුගේ බිරිය අධිකරණයේදී පවසා තිබේ.

ගතවූ වසර 5 ක කාලය තුළ හෙරොයින් හා ගංජා භාවිතය ජාවාරම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදි හයකට ඔහු අධිකරණයට ඉදිරිපත්වී ඇති අතර ඊයේ පෙනී සිට ඇත්තේ 7 වන වතාවටය. හෙරොයින් වෙළෙඳාම මගින් ලොතරැයියට ලැබුණ මුදල දෙතුන් ගුණයකින් ඉහළ දමාගත හැකි බව ඔහුට සමීපවූ කූට මිතුරන් යොජනා කර තිබෙන අතර මේ නිසා ඔහු ඒ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ආයෝජනය කර ඇත. ටික කාලයක් යහමින් මුදල් ලැබුණත් අවස්ථා රැසකදී නීතියේ රැහැනට අසුවී ඔහුගේ මත්කුඩු ව්‍යාපාරය අඩාළවී තිබේ.

මේ වනවිට ඔහු මත් කුඩු වෙළෙඳාම නොකළත් ඒවාට තදින් ඇබ්බැහිවීම හේතු කොට ඩීවිතය විනාශ කරගෙන තිබේ. ඔහුගේ දරු පවුලට ජීවත්වන්නටද දැන් මාර්ගයක් නැති බව අධිකරනයේදී කරුණු අනාවරණය විය. හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වූ ඔහු ඊයේ පුනරුත්ථාපන කඳවුරට ඇතුළත් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා නියෝග කළේය. වසරක කාලයක් පුනරුත්ථාපන කිරීම සඳහා වැලිකන්දේ පිහිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔහුව යොමු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad