පෙට් යන්ත්‍රය නොවැම්බරයේ එනවා - සෞඛ්‍ය අධ්‍යක්ෂ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

පෙට් යන්ත්‍රය නොවැම්බරයේ එනවා - සෞඛ්‍ය අධ්‍යක්ෂ


මහජන ආධාර මත පසුගිය වසරේ ඇනවුම් කළ පෙට් ස්කෑන් යන්ත්‍රය ලබන නොවැම්බර් මාසය වන විට මහරගම අපේක්ෂා රෝහ‍ලේ ස්ථාපිත කළ හැකි යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔක්තොබර් මාසය වන විට එම යන්ත්‍රය මෙරටට ගෙන ඒමට හැකි වුවද එය රෝහ‍ලේ ස්ථාපිත කිරීම සඳහා සෑදිය යුතු විශේෂ බංකරය මේ වන විටත් සාදා නොමැති වීම හේතුවෙන් පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන ඒම ප්‍රමාද වීමට හේතුවක් වී ඇතැයිද හෙතෙම ඊයේ (13) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

කෙසේ නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන ආවද එය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපට ආසන්න රටකින් ගෙන්වා ගත යුතු බවත් ඒ සඳහා මේ වන විටත් විශේෂ සොයා බැලීමක් සිදුකරන බවත් වෛද්‍ය ජයසුන්දර මහතා පැවැසීය. කෙසේ නමුත් පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට මුල් වූ දරුවා මියයෑම පිළිබඳවද තමා කනගාටු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ (lakbima)

No comments:

Post a Comment

Post Bottom Ad