තමන්ගේ පුතණුවන් පිළිකාවකින් පීඩා විඳි නිසාවෙන් ඔහුට සිදුවූ අවාසනාවන්ත ඉරණම තවත් අයෙකුට සිදු නොවන්නට මොහෝමඩ් මහතා විසින් මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් මහජන අරමුදල් එක්රැස් කිරීමට කඩීජා පදනමක් නිර්මාණය කරනු ලැබුවා.
පසුගිය වසරේ රටේම අවධානය දිනාගත් මෙම සිද්ධියෙන් පසුව මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම සඳහා අවශ්‍ය මුදල් එක්රැස් වුණු නමුත් මේ වන විට විට දැනගන්නට ලැබෙන්නේ එලෙසින් අරමුදල ආරම්භ කිරීමට මුල්වූ මොහොමඩ් මහතාගේ පුතණුවන් පිළිකාවෙන් පිඩාවිඳ මියගොස් ඇති බවයි.
හමීඩ් මොහොමඩ් පසුගිය 12 වෙනිදා පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැ අතර දිගු කලෙක සිට හමිඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රය ගැන ඔහුගේ පියාවන මොහොමඩ් කල්පනා කරන්නට විය.
ඔහුට තම පුතු වෙනුවෙන් වියදම් කිරීමට අවශ්‍ය තරම් මුදල් තිබුණ නමුත් තමන්ගේ පුතාවැනි දරුවන් පිළිකාවන්ට ගොදුරුව පෙට් ස්කෑන් යන්ත්‍රයන් නැති අඩුපාඩුව නිසාවෙන් මියයන අයුරු දැක එය ලංකාවට ලබාගන්නට මෙම අරමුදල ආරම්භ කිරීමට ඔහු කටයුතු ආරම්භ කර තිබුණි. පසුව බොහෝ පිරිසකගේ දායකත්වය මේ සඳහා ලැබුණු අතර යන්ත්‍රය මිලදී ගැනීමට මේ වන විට රජය විසින් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. කෙසේ නමුත් අවාසනාවකට මෙන් ඔහුගේ පුතණුවන් වන හමීඩ් මොහොමඩ් මෙලොවින් සමුගත්තද මේ වන විට ඔහු නිසාවෙන් පිළිකා රෝගීන් රැසක් මහරගම අපේක්ෂා රෝහලේ සුවය ලබන්නට අපේක්ෂාවෙන් සිටියි.
Thursday, September 14, 2017
Home
ඕපාදුප
පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට වෙර දැරූ මොහොමඩ් මහතාගේ පුතණුවන් පිළිකා රෝගයෙන් ජිවිතක්ෂයට
පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට වෙර දැරූ මොහොමඩ් මහතාගේ පුතණුවන් පිළිකා රෝගයෙන් ජිවිතක්ෂයට
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment