අර්ජුන් ඇලෝසියස්ගෙන් රනිල්ට මෛත්‍රීට දැඩි තර්ජන – ජනපති කොමිසම අකුලන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

අර්ජුන් ඇලෝසියස්ගෙන් රනිල්ට මෛත්‍රීට දැඩි තර්ජන – ජනපති කොමිසම අකුලන ලකුණු

ඊයේ දවසේදී අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුව බලා පිටත් වීමත් සමඟ අර්ජුන් ඇලෝෂියස් විසින් ජනපතිට හා අගමැතිට ප්‍රභල තර්ජන එල්ල කර තිබේ. 

ජනපති කොමිසමෙන් තම ව්‍යාපාරවලට බාධා එල්ල වීමත් සමඟ සහ අගමැති ජනපති සාකච්ඡා තුලින් විවිධ පුද්ගලයින් මේ කොමිසමට ගෙන්වීම තුල සිදු කෙරෙන තමනට අහිතකර ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු දැඩි විවේචනයක් ඔවුන් දෙදෙනාට එල්ල කර ඇත. ජනපතිවරණ සමයේ සහ මහ මැතිවරණ සමයේ තමන් විසින් මුදල් ලබාදුන් සියළු දේශපාලකයින්ගේ සියළු නම් ගම් හෙළි කරන බවත්, සිංගප්පූරුව හරහා සිදු කෙරුණු සියළු මුදල් ගණුදෙනු කොමිසම හමුවේ හෙළි කරන බවත් කියා ඇති අර්ජුන් ඇලෝෂියස්, තම මාමා සිංගප්පූරුව බලා ගියේ යළි නොඑන්නට බවත් පවසා තිබේ.

ජනපති කොමිසම හකුලන තෙක් හෝ ඊට නිසි විකල්පයක් පොරොන්දු වෙන තාක් ඔහු සිංගප්පූරුවේ සිටින බවත්, එසේ නොදුනහොත් ජනපතිවරණයට කලින් සිදු වූ සිංගප්පූරු මුදල් ගනුදෙනු මාධ්‍ය වෙත ලබා දෙන බවත් පවසා ඇත. කොමිසම හමුවේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරන ක්‍රියාව දිගටම කරගෙන යන ලෙස අගමැතිවරයා උපදෙස් ලබා දී ඇති අතර, ජනපතිවරයා පවසා ඇත්තේ “බලමු” කියන වචනය පමණක් බව රහස් ආරංචි මාර්ග තහවුරු කර තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 90කට අධික මුදල් ලබාදීම් පිළිබඳව සාක්ෂි තමන් සතු බව මතක තබා ගන්නා ලෙසද අර්ජුන් ඇලෝෂියස්, ජනපතිවරයාට හා අගමැතිවරයාට වැඩි දුරටත් දන්වා ඇති බව සඳහන්.


Source : leakslk.com

No comments:

Post a Comment

Post Bottom Ad