පාකිස්තානු බිමේදී පාකිස්තානුවන් අසරණ කරමින් ‘තිසර’ සුපිරි ප‍්‍රහාරයක් දියත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

පාකිස්තානු බිමේදී පාකිස්තානුවන් අසරණ කරමින් ‘තිසර’ සුපිරි ප‍්‍රහාරයක් දියත් කරයි

තිසර පෙරේරාගේ ප‍්‍රහාරාත්මක පිතිහරඹත් විශිෂ්ට පන්දුයැවීමත් හේතුවෙන් පාකිස්තානු කණ්ඩායම සමග පැවැති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 07කින්  ජය ගැනීමට ලෝක කණ්ඩායම සමත් වුනා.

ජයග‍්‍රහණය සදහා ලකුනු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලෝක කණ්ඩායම නොතිබූ ජයක් හිමිකරදුන් තිසර පෙරේරා දැවැන්ත හයේ පහර 05ක් සමගින් වේගවත් ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුනා. තිසර ට අනගි සහයක් ලබාදුන් හෂීම් අම්ලා පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුනා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා. එහිදී  පන්දුයැවීමෙන් දස්කම් දැක්වු තිසර පන්දුවාර 03ක් තුල ලකුණු 23 කට කඩුලු 02ක්ද දවා ගැනීමට සමත් වුනා.

තරගයේ ලකුණු පුවරුව පහතින්...





 


No comments:

Post a Comment

Post Bottom Ad