මල සිරුරු භාර නොගන්නා වැල්ලවායේ අපූරූ ආදාහනාගාරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

මල සිරුරු භාර නොගන්නා වැල්ලවායේ අපූරූ ආදාහනාගාරය

වැල්ලවාය ප්‍රදේශයට කළක පටන් අඩුපාඩුවක්ව පැවති මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකල ප්‍රථම ආදාහනාගාරය දැනට මාස 03කට පෙර රුපියල් ලක්ෂ 175ක මුදලක් වියදම් කොට ජනතා අයිතියට පත් කර තිබෙනවා. නමුත් මේ වන තෙක් කිසිදු මල සිරුරක් එම ආදාහනාගාරය වෙත භාර නොගන්නා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

'පුර නැගුම ව්‍යාපෘතිය' යටතේ ඉදිකල මෙම ආදාහනාගාරයට මල සිරුර ලබා දිමේ අරමුණින් කිහිපදෙනකුම වැල්ලවාය ප්‍රාදේශීය සභාවට ගොස් ඇති අවස්ථාවේ වැල්ලවාය ප්‍රාදේශීය සභා නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ආදාහනාගාරයට මල සිරුරු භාර ගැනීමට නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභාවෙන් සිදු කල විමසීමකදී කියා සිටියේ විදුලි ජනකයක අඩුපාඩුවක් පවතින බවත් ඉදිරියේ දී එම විදුලි ජනකය ලබා ගැනීමට කටයුතු කරන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad