ඩෙංගු මර්දනයට දුම් ගැසීමේදී වෙනත් හානි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

ඩෙංගු මර්දනයට දුම් ගැසීමේදී වෙනත් හානි


මාරාන්තික ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ගෙවතුවලට හා කැලෑව සහිත ස්‌ථානවලට දුම් ගැසීම සිදු කරනවා. එහෙත් එමගින් මදුරුවන් කා දමන වෙනත් කෘමින්ද විනාශ වන බැවින් එම ක්‍රමය යොදා ගැනීම මේ වන විට ගැටලුවක්‌ වී තිබෙනවා. එබැවින් ගෙවත්ත මෙන්ම තම තමන්ගේ ඉඩම්වලද මදුරුවන් බෝවීමට ඉඩකඩ ඇති ස්‌ථාන ඇති වීම වැළැක්‌වීමට ක්‍රියා කළ යුතු යෑයි ඉත්තෑපාන මහජන සෞඛ්‍ය පරීක්‌ෂක දීප්ති ගුණසිංහ මහතා පැවසුවේය.

ඉත්තෑපාන බටකැලේ සුහද මිතුරු සංසදය මගින් සංවිධානය කරන ලද ඩෙංගු හා මී උණ වැනි රෝගවලින් ආරක්‌ෂා වීම සඳහා ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සඳහා බටකැලේ එකමුතු අවමංගල්‍යාධාර සමිති ශාලාවේදී පසුගියදා පැවති දේශනයකදී ඒ මහතා එසේ සඳහන් කළේය.

එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා,

ඉවතලන පොලිතීන් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ජලය රැඳී තිබිය හැකි ස්‌ථාන ලෙස විශේෂයෙන් සඳහන් කළ හැකියි. ඒ නිසා එහි මදුරු කීටයන් ඇතිවීමේ ඉඩකඩ බොහෝ සෙයින් තිබෙනවා. ඒ නිසා එමගින් සිදු විය හැකි හානි අවම කිරීම සඳහා මූලික පියවරක්‌ ලෙස එක පොලිතීන් බෑගයක්‌ කීපවරක්‌ පාවිච්චි කර විනාශ කළ හැකියි. ග්‍රාමීය ප්‍රදේශවල එකතු වන කසළ ජනතාව විසින් පුළුස්‌සා දැමීම හෝ කොම්පෝස්‌ට්‌ පොහොර ලෙසට පත්වීම සඳහා ගස්‌ මුල්වලට දැමීම කාලාන්තරයක්‌ තිස්‌සේ සිදු වුණා. 

එහෙත් මෙම කසළ එකතු කිරීමට රජය මැදිහත් වීම නිසා එය විශාල කසළ අර්බුදයක්‌ බවට පත්ව තිබෙනවා. එබැවින් ඒ පිළිබඳවද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. කුඹුරුවල වැඩ කරන ගොවීන්ගේ ශරීරයේ මීයන්ගේ මුත්‍රා මිශ්‍ර මඩ තැවරීම නිසා මී උණ ඇති විය හැකිය. එවන් අවස්‌ථාවලදී ඇඟ ශීතල කර උණ ගැණුන විට රෙදි පොරවාගෙන නිදාගෙන ඉන්න එපා. වහාම වෛද්‍යවරයකු හමුවීම අත්‍යාවශ්‍යයි.

එසේම කුඹුරුවලට බැසීමට ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලින් නොමිලේ ලබාදෙන බෙහෙත් වර්ග පාවිච්චි කිරීමෙන්ද මෙම අනතුර වළක්‌වා ගත හැකියි.

විල්සන් විඡේරත්න - ඉත්තෑපාන

No comments:

Post a Comment

Post Bottom Ad