ඩෙංගු රෝගය වැළඳීමෙන් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍යවරියක පෙරේදා (18 දා) මියගොස් ඇති බැව් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා
පවසයි. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ අනෝමා ජයවර්ධන නමැති වෛද්‍යවරියකි.
තිදරු මවක වන ඇගේ එක් දියණියක ද ඩෙංගු රෝගය වැළඳීමෙන් රෝහල්ගතව සිට ඇති අතර ඇය සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත. මෙම වෛද්‍යවරිය පදිංචිව සිට ඇත්තේ අක්‌මීමන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයට අයත් අක්‌මීමන මැටරඹ ප්‍රදේශයේ ය. වෛද්‍යවරියගේ සැමියා තේ පරීක්‍ෂකවරයකු ලෙස සේවය කරන අතර ඇය මිය ගොස් ඇත්තේ ඩෙංගු රෝගය වැළඳීමෙන් බවට තහවුරු වී තිබේ.
Wednesday, September 20, 2017
කරාපිටියේ වෛද්‍යවරියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment