රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමැතිවරුන් වැඩ කළේත් ලලිත් වීරතුංග කියන විදියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 19, 2017

රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමැතිවරුන් වැඩ කළේත් ලලිත් වීරතුංග කියන විදියට

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට කෝටි පහක මුදල ගෙවන එක එතරම් අමාරු දෙයක් නොවෙයි. මුදල් නොගෙවා ඉන්නේ එම මුදල් උපයාගත් හැටි ප්‍රශ්න කරාවි යන බිය නිසා යැයි හිටපු, නැවත පදිංචි කිරීමේ අමාත්‍ය,
වර්තමාන ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක ගුණරත්න වීරකෝන් මහතා පසුගියදා (16දා) ගාල්ල ධීවර වරායේ උත්සවයකට සම්බන්ධවීමෙන් පසු මාධ්‍යවේදීන් අමතා පැවැසීය.

වීරකෝන් මහතා මෙසේද කීය.

මහින්ද රාජපක්ෂ නිසා හිරේට ගිය ලලිත් වීරතුංග වෙනුවෙන් බැරිවුණා මොකුත් කරන්න. එදා ලලිත් වීරතුංග හිටියේ අපි ඔක්කොටම උඩින්. ඇමැතිවරු වෙච්ච අපිට ක්‍රියාත්මක කරන්න වෙලා තිබුණෙත් ලලිත් වීරතුංග කියන දේවල්. වැරැදි කළ අයට දඬුවම් ලැබෙන්න ඕනෑ. හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනවා. මේ සල්ලි ගෙවන්න පිණ්ඩපාතේ යන්න ඕන නෑ. හාමුදුරුවන්ටත් ළඟදීම තේරේවි මහින්දගේ දෙබිඩි ප්‍රතිපත්තිය. 2009 සයිටම් එක හැදුවේ මහින්ද දේශපාලන බලය ලබා ගන්න. අද බාල තුරුම්පු ගහනවා.

ලලිත් වීරතුංගට මහින්ද පිහිට වුණේ නැති වුණාට අපේ කෙනකුට මෙහෙම දෙයක් වුණා නම් එල්ලුම් ගස් 7ක් ගියත් අපි පස්සට යන්නේ නැහැ. අවුරුදු 10ක් මැදමුලනේ ඉඳන් ඉස්කෝලේ උගන්නන්න ගිය මිනිහෙක් මම. එදා ඉඳන් මම දන්නවා මහින්ද කවුද කියලා. අටවත් පාස් නැති ගෑනියෙක් ගෙනත් දාලා අපිට වින කළා. අනර්කලී දාලා පළාත් සභාව විනාශ කළා. සජින් වාස් දාලා ගාල්ල දිස්ත්‍රික්කයම විනාශ කළා. මේ අය දේශපාලනය දන්න අය නෙවෙයි. බිස්නස් වැඩවලට තමයි මේ අය ගෙනත් දැම්මේ. මහින්දට අද පල දීලා තිබෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය. මා ජීවත්වන තුරු මහින්දගේ හුළඟවත් වදින්න මම යන්නේ නැහැ.

අධිවේගී මාර්ගය හදනකොට ඇස්තමේන්තුව කිලෝමීටරයකට මිලියන 1,700යි. මහින්ද කැබිනට් එකට කීවා 2,700ක් දාලා අනුමත කරන්න කියලා. එයාගේ ගජ මිතුරන්ට කොන්ත්‍රාත් දීලා කෝටි ගණනක් සල්ලි කෑවා. මම උතුරු - නැඟෙනහිර නැවත පදිංචි කිරීමේ ඇමැති. අසූ පන් දහසකට වැඩි යුද්ධයෙන් අනාථ වූවන් නැවත පදිංචි කිරීමට මට භාරව තිබුණේ. මේ අයට ඉඩම් දෙන්න බමුණු කුලයට අයත් ප්‍රාදේශීය ලේකම්වරු ඒකට ඉඩ දුන්නේ නැහැ. යාපනයේ අක්කර 6,000 වැඩිය ගෝඨාභය හමුදාව යටතේ ඉඩම් තබාගෙන ඉන්නවා. ඉඩම්වල පදිංචි කරන්න ඉඩ දුන්නේ නැහැ. උතුරේ පළාත් සභාවලට බලය දෙන්න ඕනෑ. උතුරේ කුල හීන මිනිසුන් වැඩියි. වෙච්ච අසාධාරණකම් නිමක් නැහැ.

විග්නේශ්වරන් උතුරේ මහ ඇමැති කියන්නේ මහින්ද ඉන්න තුරු උතුරට සහනයක් ලැබුණේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පත්වුණාට පස්සේ අපි ගැන බැලුවා කීවා. ජනාධිපති ලොකු උත්සාහයක් ගන්නවා ගැටලුවලට විසඳුම් දෙන්න. ජාත්‍යන්තරය දිනාගෙන ට්ඉර්ථී ප්ලස්, දිනාගෙන, විශාල මෙහෙයක් ඉටු කරමින් යනවා. මහින්ද දිනුවා නම් රටේ ලේ විලක් දකින්න ලැබෙන්නේ. උතුරේ ජනතාව මහින්දට ඡන්දේ දුන්නේ නැහැ. මහින්ද කළේ ජාතිවාදය අවුස්සන එක. මහින්ද දැන් විකාර කතා කියන්නේ. සභාපතිකම මෛත්‍රිට බලෙන් දීලා දැන් කියනවා සභාපති මහින්දලු. මට කාඩ් එකක් එවලා තිබුණා. ඒක එවලා තිබෙන්නේ පොහොට්ටුවක් දාලා.

රත්ගම _ ගුණපාල ඉරත්නවල්ලි
කොග්ගල - සිරි ගාර්දියගේ


No comments:

Post a Comment

Post Bottom Ad