මැතිවරණ කොමසාරිස් අන්තිමට කියයි පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 19, 2017

මැතිවරණ කොමසාරිස් අන්තිමට කියයි පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා

GAMANPILA

ආණ්ඩුව පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොව ඡන්දයට මූන දීමේ බය නිසා බැවින් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඕස්ට්‍රෙලියානු ජා‍තික බ්‍රයන් ෂැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ නීත්‍යානුකූල නොවන අයුරින් පත්වු නීතිපතිවරයෙක්ගෙන් අපිට මීඩ වඩා දෙයක් බලාපොරොත්තු වි නොහැකි බවයි.

විශේෂයෙන්ම අද තියෙන දේශපාලන තත්වය ගැන අවධානය යොමු කලොත් අපි දන්නවා විසිවෙනි සංශෝධණය ඉදිරිපත්කරපු දින මම ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මම කිව්වා අගමැතිතුමා නඩුව අහන්නත් කලින් පළාත්සභා මැතිවරණය වසරකින් කල් යනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පිළිතුරක් ලබා දෙයි කියලා. අපිට දැනට ලැබිලා තියෙන නිල නොලත් තොරතුරු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසිවෙනි සංශෝධණය ජනමත විචාරණයකට යොමුකරලා තියෙනවා.

ආණ්ඩුව මේ පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොවේ. ඡන්දයට මූන දීමේ බය නිසයි. ඒ නිසා මොවුන් අද උත්සහයක යෙදිලා ඉන්නවා ලබන බදාදා විසිවෙනි සංශෝධනය වෙනුවට පලාත් සභා මැතිවරණ සංශෝධණ පනත ගේන්න. ඒ පනතේ බලාපොරොත්තුව කාන්තාවන්ට පළාත්සභාවල අවම නියෝජනය 30% ට සහතික කිරීම.  නමුත් මේ පනත ඇතුලේ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ සංශෝධණයක් ගෙනවිත් පලාත්සභා මැතිවරණය කල් දැමීමේ උත්සහයක් තිබෙනවා.  

මොකද කොට්ඨාශ ක්‍රමය මත පදනම් වු මැතිවරණ ක්‍රමයක් හැදුවට පස්සේ කොට්ඨාශ කඩා සීමා නිර්ණය කරන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න බැරිවෙනවා. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නැවත වතාවක් කියන්න පුළුවන් පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා.

නමුත් මෙය නීති විරෝධියි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය යටතේ යමක් පාර්ළිමේන්තුවේ විවාද කිරීමට අවම වශයෙන් දෙසතියකට කලින් එය ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කළ යුතුයි.  එහෙමනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මේ සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිලිබද කතානායක වරයාට බාරදිය යුතු සහතිකය බාරදීමට ඔහුට නෛතික අයිතියක් නැහැ. නමුත් අපි දැක්කා පළාත්පාලන මැතිවරණ සංශෝධණ පනතට එවැනි සංශෝධන ගෙන ආපු වෙලාවෙ අපේ විරෝධය නොතකා කතානායක වරයාට එවැනි සහතිකයක් නීතිපති වරයා දුන්නා.

නීත්‍යානුකූල නොවන අයුරින් පත්වු නීතිපතිවරයෙක්ගෙන් අපිට මීඩ වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපි නීතිපතිවරයාට අනතුරු ඇගවීමක් කරනවා 2002 අංක පහ දරණ නිළධාරීන් ඉවත්කිරීමේ කාර්ය පටිපාටී පනත යටතේ තම රාජකාරිය නොසැලකිල්ලෙන් කරනවානම් පක්ෂක්ග්‍රාහීව කරනවනම් ව්‍යවස්ථා විරෝධීව කරනවනම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඔහු ඉවත්කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා.

ඒ නිසා අපි එතුමන්ට කියනවා ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය උල්ලංඝණය කරමින් 79 වෙනි වගන්තිය යටතේ ලබාදෙන සහතිකය ලබාදුන්නොත් ඔබ ඉවත්කිරීමට අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එනවා. ඒ නිසා ඔබේ ආණ්ඩුවට තියෙන පක්ෂක් ග්‍රාහීත්වය දැන්වත් නතර කරලා නීතිපති තනතුරේ ගෞරවය සුරකින ආකාරයට පලාත්සභා සංශෝධණ පනත සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඔහුට කරන අතරම ඔබව අපි හෙළි කරනවා කියන අනතුරු ඇගවීමත් අපි නීතිය කොත්තුදාන නීතිපතිතුමන්ට සිහිපත් කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad