ටොන් 2000ක් බර චීනයේ ජේඩ් බුද්ධා පන්සල, මීටර් තිහක් පසුපසට තල්ලු කල චීන ඉංජිනේරු වික්‍රමය. (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

ටොන් 2000ක් බර චීනයේ ජේඩ් බුද්ධා පන්සල, මීටර් තිහක් පසුපසට තල්ලු කල චීන ඉංජිනේරු වික්‍රමය. (PHOTOS)

ටොන් 2000ක් බරැති, වසර 135ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් මීටර තිහක් පසුපසට තල්ලු කිරීමට චීන ඉංජිනේරුවෝ සමත් වෙති.චීනයේ ෂැන්හයි නුවර පිහිටි ‘ජේඩ් බුද්ධා’ විහාරස්ථානයට දිනකට සැදැහැවත්හු ලක්ෂයක් පමණ පැමිණෙති. පන්සල තුල හඳුන්කුරු දැල්වීම සාමාන්‍ය සිරිතකි.

විහාර ගෙය ඉදිරිපිට මළුවේ ඇති කුඩා ඉඩ ප්‍රමාණය මත විශාල පිරිසක් රැස්වීම නිසා කලබල වූ අවස්ථාවක එකිනෙකා තෙරපීමටත් පෑගීමටත් ලක්විය හැකි අවදානමක් පවතී.එමෙන්ම හඳුන්කූරු දැල්වීම නිසා ගින්නක් ඇතිවීමේ අවදානමක් ද ඇතැයි බලධාරීහු පවසති. ඔවුහු මෙම විහාර ගෙය මීටර 30ක් පසුපසට තල්ලු කළේ බැතිමතුන්ට වැඩි ඉඩක් ලබා දීමටය. 

එමගින් ගින්නකට ඇති අවදානම ද තුරන් වනු ඇතළමුව සිදු කෙරුණේ අත්තිවාරම සවිමත් කිරීම සඳහා සිමෙන්ති පොම්ප කිරීම ය.අනතුරුව කොන්ක්‍රීට් පීලි එකිනෙක යා කෙරුණි. හයිඩ්රොලික් තාක්ෂණය යොදා ගනිමින් විහාර ගෙය මුක්කු ගසා එසැවිණි. විහාර ගෙය දිනකට තල්ලු කළ හැකි වුයේ අඟල් 20ක් පමණි. නියමිත ස්ථානයට ළඟා වීමට දින 15ක් ගතවිය. එහි අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙමින් පවතින මේ වසර අග භාගයේ නැවතත් බැතිමතුන් සඳහා විවෘත වීමට නියමිතය.







No comments:

Post a Comment

Post Bottom Ad