සැවොම සිනා සයුරේ ගිල්වමින් ඊයේ දකුණු අප්‍රිකා - එංගලන්ත තරඟය අතරතුර සිදුවූ අපූරු සිදුවීම (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

සැවොම සිනා සයුරේ ගිල්වමින් ඊයේ දකුණු අප්‍රිකා - එංගලන්ත තරඟය අතරතුර සිදුවූ අපූරු සිදුවීම (VIDEO)

ක්‍රිකට් පිටියේ කලාතුරකින් දකින්න ලැබෙන සිදුවීමක් ඊයේ එංගලන්ත - දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟය අතර සිදුවුණා. සාමාන්‍යෙයන් පිතිකරුවන් එල්ල කරන පහරවල් නිසා තරඟ නරඹන්නන්ට වූ  අනතුරු ගැන අපි නොයෙකුත් වර අහලා තියනවා.

පසුගිය දවසක එංගලන්ත ප්‍රාන්ත තරඟයකදි ශ්‍රීලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ පහරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයකට හානි වුණා කියලත් අහන්න ලැබුණා. මේ කියන්න යන්නෙත් ඒ වගේ ක්‍රිකට් පිටියේ වාර්තා වූ අපූරු සිදුවීමක් ගැන.ඊයේ එංගලන්ත - දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟය අතරතුර තමයි මේ සිදුවීම වුනේ. මෙහිදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක කේෂව් මහරාජ්ගේ පන්දුවකට එංගලන්තයේ මොයින් අලී දැවැන්ත 6 පහරක් එල්ල කරනවා.

එහිදී පන්දුව කෙලින්ම ඇදීගියේ ක්‍රීඩාංගණයේ ඉහළ මාලයක පිහිටි එංගලන්ත ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාගාරය පැත්තට.එතැන හිටපු එංගලන්ත පිලේ ජොනි බෙයාර්ස්ටෝ මේ පන්දුව රැකගන්නවා.පස්සේ සිනාමුසු මුහුණුන් පිටියේ හිටපු මොයින් අලීට පන්දුව පෙන්නලා සංඥාවකුත් කරනවා. මේ අවස්ථාව තරඟය නරඹමින් සිටි ප්‍රෙක්ෂකයන්ගේ විතරක් නෙමෙයි.අනතර්ජාලය ඔස්සේ මෙම වීඩියෝව නරඹපු බොහෝ දෙනාගේත් සිත් බැඳගෙන තිබුණා.

මේ එම වීඩියෝවයි...

 

No comments:

Post a Comment

Post Bottom Ad