රෙස්ලිං පිටිය හෙල්ලූ "ග්‍රේට් කාලී" රහසේම ශ්‍රී ලංකාවට ඇවිල්ලා - විරාත් කෝලීත් හමුවෙයි .! (PHOTOS)

WWE ආයතනයේ සුපිරි තරුවක් ලෙස ක්‍රියා කරන "ග්‍රේට් කාලී" නම් වේදිකා නාමයෙන් හැදින්වෙන ලෝ ප්‍රසිද්ධ රෙස්ලිං ශූරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ව සිටිනවා.  මේ බව හෙළිවූයේ ඉන්දීය - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සදහා මේ දිනවල ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලී ඊයේ රාත්‍රියේ පල කළ ට්විටර් පණිවිඩයක් සමගයි.

එහිදි ඔහු ග්‍රේට් කාලී සමග ඡායාරූප ගෙන සිය නිළ ට්විටර් ගිණුමේ  පල කල තිබුනා. ග්‍රේට් කාලී ශ්‍රී ලංකාවේ සිටින බව ඉන් පෙර කිසිවෙකුත් දැන සිටියේ නැහැ.

විරාත් කෝලීගේ එම ට්විටර් පණිවිඩය පහතින්...



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment