"එජාපයේ හොරුන් තියා ගන්නේ නෑ-පරීක්ෂණ වලින් ඔප්පු වුවහොත් පක්ෂයෙන් ඉවත් කරනවා" අගමැති රනිල්ගේ ප්‍රකාශයෙන් එජාපය ගිණියම් වේ .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

"එජාපයේ හොරුන් තියා ගන්නේ නෑ-පරීක්ෂණ වලින් ඔප්පු වුවහොත් පක්ෂයෙන් ඉවත් කරනවා" අගමැති රනිල්ගේ ප්‍රකාශයෙන් එජාපය ගිණියම් වේ .!

එක්සත් ජාතික පක්ෂයේ හොරුන් සිටින බවට පරීක්ෂණ වලින් තහවුරුවුවහොත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කරන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. අගමැතිවරයා මේ බව කියා සිටියේ හැටන් ප්‍රදේශයේදී එක්සත් ජාතීක පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.

යහපාලන රජය හොරුන් ආරක්ෂා නොකරන බවද , එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පැවසූවා. කෙසේ වෙතත් එජාපයේ ප්‍රබලතම අමාත්‍යවරයෙක් වන රවී කරුණානායකට මේ වනවිට මූල්‍යමය වංචා චෝදනා එල්ලව තිබෙන අතර අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය සමග එජාප අභ්‍යන්තරය දැඩි ලෙස උණුසුම්ව ඇති බවට වාර්තා වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad