UPDATE: සුනාමියක් නෑ - නිවේදන අස්කරගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

UPDATE: සුනාමියක් නෑ - නිවේදන අස්කරගනී

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ හටගත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට වූ නිවේදන ඉවත්කළ බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.


මීට පෙර එම මධ්‍යස්ථානය පැවසුවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව යම් දැනුවත්භාවයකින් පසුවිය යුතු බවටයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවද  එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.


ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හි භූ කම්පනයක් හටගත්තා. මාපාංක 6.5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනය කිලෝ මීටර 35ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ. ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ  ආයතනය  පවසන්නේ සුනාමි අවදානමක් නොමැති බවයි.

සබැඳි පුවත්..

සුමාත්‍රාවේ භූ කම්පනයක්

No comments:

Post a Comment

Post Bottom Ad