කවුද මේ පඟර නැට්ටා ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

කවුද මේ පඟර නැට්ටා ?

කාලයෙන් කාලයට විවිධාර මාතෘකා ඔස්සේ පුවත් මවන්නට බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඇසුරු කරගන්නවා. එලෙස මේ දිනවල "පඟර නැට්ටා" නැමති සතෙකුගේ යැයි සඳහන් කරමින් ජායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.  එක්තරා පුද්ගලයෙකු විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඉහත කී ඡායාරූප පෙළ හුවමාරු වී (Share) තිබූ වාර ගණන විසි පන්දහසකට අධිකයි. ඇතැමුන් හුදෙක් උපහාසය සඳහා එම ඡායාරූප හුවමාරු කර ගෙන තිබූ අතර තවත් සමහරෙක් එය සැබෑවක් යයි සළකා අදහස් පළ කර ඇති ආකාරයත් දක්නට ලැබුණා.

එම ඡායාරූප පෙළේ දක්නට ඇති සත්වයා මුගටියෙකු බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටිනවා. මේ අතර පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටින්නේ "පඟර නැට්ටා" නමින් සතෙකු නොමැති බවත් මුගටියෙකුගේ හම ඉතිරි වෙන සේ කඳ කොටස ඉවත් කර ඉහත කී ඡායාරූප ගෙන ඇති බවයි. "කිසිම ක්ෂීරපායී සතෙක් නැහැ පාද රහිත. එවැනි සතෙකුට ගොඩබිම ජීවත් වෙන්නත් බැහැ කියන දේ තේරුම් ගත යුතුයි. 

අනෙක් කාරණය තමයි මේ සතාගේ හිසත් කඳත් අතර තිබෙන පරස්පරතාව. ඕනෑම කෙනෙකුට පෙන්වා මේ වගේ සතෙකුට දීර්ඝ කාලයක් ජීවතුන් අතර ඉන්න බැරි බව. මොකද මෙපමණ ලොකු හිසක් තල්ලු කර ගෙන ඉදිරියට යන්න මෙච්චර සිහින් කඳකට ශක්තියක් ජවයක් නැහැ." මනඃකල්පිත නමක් සතෙකුට ආරූඪ කර පළ කිරීමෙන් සමාජ ජාල තුළ වැරදි අවබෝධයක් ඇති විය හැකි බව කී නීතිඥ ජගත් ගුණවර්ධන එය ව්‍යාජ ඡායාරූපයක් ලෙස හැඳින්විය හැකි බව සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ එවැනි දේවල් වලින් අපි පරිස්සම් විය යුතුයි බවත්  ජනතාවත් දුටු පමණින් එවැනි දෑ විශ්වාස නොකළ යුතු බවත් ය. "මේවට අපි කියනවා ව්‍යාජ පුවත් නැතිනම් ෆේක් නිව්ස් (Fake News) කියලා." 'පඟර නැට්ටා' යන යෙදුම සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින යෙදුමක් බවත් ඔහු කියා සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad