සුමාත්‍රාවේ භූ කම්පනයක් - ලංකාවේ ජනතාව අවධානයෙන් සිටින්න! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

සුමාත්‍රාවේ භූ කම්පනයක් - ලංකාවේ ජනතාව අවධානයෙන් සිටින්න!

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත ආසන්නයේ අද(13) පෙරවරුවේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6.5ක් ලෙස සටහන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය. කෙසේවෙතත් මේ වන තෙක් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති අතර මෙය දැනුවත් කිරීමක් පමණක් වන බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. 


මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් මාධ්‍ය ඔස්සේ සිදු කරන දැනුවත් කිරීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි

No comments:

Post a Comment

Post Bottom Ad