අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
විජයදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට දී තිබූ කාලය ඊයෙන් අවසන් වූ බවත් ඊයේ රාත්‍රී පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සියලු මන්ත්‍රීවරුන් ඒ ගැන අගමැතිවරයාගේ අවධානයට යොමු කළ බවත් දැනගන්නට ඇත. මේ රජයේ අධිකරණ ඇමැති ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධුරයක් බැවින් එම අමාත්‍ය ධුරය එජාපයේ වෙනත් පුද්ගලයකුට දීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
මේ වට විට ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්න මහතාගේ නමත්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුලු පිරිසකගේ නමුත් යෝජනා වී තිබේ. විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට එකඟත්වය පළ කර ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. ඒ අනුව අද දිනය තුළ බොහෝ දුරට විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ. විජයදාස රාජපක්ෂ මහතාට වෙනත් අමාත්‍ය ධුරයක් ලබා දෙනවාද නැද්ද යන්න ගැන මෙතෙක් ස්ථිර තීන්දුවක් ගෙන නොමැත.
තීන්දුව අද රෑ ජනපති - අගමැති හමුවේදී
කෙසේ නමුත් ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර අද (21) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස අරලියගහ මන්දිරයේ දී පැවැති අතර එහිදී අගමැතිවරයා එජාප මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ජනපති සමග සාකච්ඡා කර විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කඩිනම් තීන්දුවක් ගන්නා බවයි.
ඇමැතිධූරයෙන් ඉවත්වීමට රාජපක්ෂ මහතාට සඳුදා (21) දක්වා කල් ලබාදී තිබුණද ඔහු ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකොට තීන්දුවක් ගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දී තිබේ. ඊයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට විජයදාස රාජපක්ෂ මහතා සහභාගී නොවූ බවද වාර්තාවේ.
Tuesday, August 22, 2017
තීන්දුව අද - විජයදාස, ඉවත් කරන්න ජනාධිපති එකඟයි?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment