මිලියන 300ක නිවසක් මිලට ගැනීම : ශිරන්තිට තවත් නඩුවක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 22, 2017

මිලියන 300ක නිවසක් මිලට ගැනීම : ශිරන්තිට තවත් නඩුවක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් රුපියල් මිලියන 300ක මුදලක් වැයකර කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ නිවසක් මිලදී ගැනීමට සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් සිදුකර ඇති විශේෂ විමර්ශනයට අදාල වාර්තාව මේවනවිට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.

කොළඹ 07, ටොරින්ටන් ඇවනිව් හි අංක 260/12 දරන ස්ථානයේ පිහිටි එම නිවස මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය පෙන්වීමට ඇය මෙතෙක් අසමත්ව ඇති බැවින්, කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය යටතේ ශිරන්ති මහත්මියට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන් උපදෙස් ඉල්ලා ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. මෙම නිවාස හා ඉඩම මිලදී ගැනීමේ සිද්ධියට ලොකුවිතාන නමැති අයකුද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

එම නිවස මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගෙන් ප්‍රශ්න කිරීමේදී එම දේපළ මිලදී ගැනීමට යොදවන ලද මුදල තමාගේ බෑනාවන ව්‍යාපාරික දිල්ශාන් වික්‍රමසිංහ ගෙන් පවුලේ ණය මුදලක් වශයෙන් ලබාගත් බව සඳහන් කර ඇතැයි පැවසේ. මහින්ද රාජපක්ෂ මහතා වර්ෂ 2000 දී පදිංචි වී සිටි මෙම නිවස, රාජපක්ෂ පවුල සතු 'සිරිලිය සවිය', 'නිල බලකාය' හා 'තාරුණ්‍යට හෙටක්' යන සංවිධානවල ලිපිනයන් ලෙස යොදා ගෙන තිබිණ.

මෙම නිවස දැනට ගබඩාවක් ලෙස භාවිතා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad