ඊයේ තිබුණු මැච් එකේදී එංගලන්තේ ප්‍රේක්ෂකයෝ බෝලයක් නිසා පිස්සු නටලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

ඊයේ තිබුණු මැච් එකේදී එංගලන්තේ ප්‍රේක්ෂකයෝ බෝලයක් නිසා පිස්සු නටලා

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 346 ක් ලබා ගැනීමට සමත් වුණා. පසුව සිය පළමු ඉණිම ක්‍රීඩා කිරීමට පැමිණි කොදෙව් කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 168ක් පමණයි.

නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි කොදෙව් කණ්ඩායමට එවරද සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138ක් පමණයි. ඒ අනුව තරගය 209 කින් ජය ගැනීමට එංගලන්ත සමත් වුණා. ඊයේ මෙම තරගයේ තුන්වැනි දවසයි.. එහිදී බොහොම අපූරු වැඩක් ක්‍රීඩාගාරයෙන් දකින්න ලැබුණා. ඒ ක්‍රීඩාගාරයේ සිටි ප්‍රේක්ෂකයන්ගේ පන්දුවක් ක්‍රීඩා පිටිය දෙසට පැමිණීම නිසා. එම පන්දුව ඔවුන්ට ලබාදෙනතුරු ක්‍රීඩාගාරය වටේ යමින් විනෝද වුණා.

ඉන් පසු එතැනට පැමිණි ආරක්ෂකයෙක් එම පන්දුව ඔවුන්ට ලබා දුන්නා. මේ දෙස බලා සිටි එංගලන්ත කණ්ඩායමේ නායකයාට සහ අනෙකුත් ක්‍රීඩකයන්ට ගොඩක් හිනා ගියා.



No comments:

Post a Comment

Post Bottom Ad