කොදෙව්වන්ට එරෙහිව එංගලන්තයට ඉනිමක සහ ලකුණු 209ක දැවැන්ත ජයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

කොදෙව්වන්ට එරෙහිව එංගලන්තයට ඉනිමක සහ ලකුණු 209ක දැවැන්ත ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 209ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.බර්මින්හැම් නුවර එඞ්ග්බස්ටන් ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 8ක් දැවී ලකුණු 514ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව කොදෙව් පළමු ඉනිම ලකුණු 168කට සීමා වූ අතර ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 137කට සීමා වුණා. තරගය දින තුනක් තුළ දී අවසන් වීම විශේෂත්වයක්.

No comments:

Post a Comment

Post Bottom Ad