මහින්ද වැඩ පටන් ගනියි - පළමුවැන්න අපහාස කළ අයට නඩු පැවරීම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 22, 2017

මහින්ද වැඩ පටන් ගනියි - පළමුවැන්න අපහාස කළ අයට නඩු පැවරීම

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය අද කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදීන්ට මුණගැසුනා.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්‍ෂ කාර්යාලයේදියි. මාධ්‍යවේදීන් එම ස්ථානයට යන විට කාර්යාලය තුළ වෙනත් සාකච්ඡාවකට සහභාගී වීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණ සිටියා. එහිදි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයා වෙත, ප්‍රශ්න කිහිපයක් යොමු කළා.

“හැමදාම ණය බර ණය බර කියල බොරුවට ලොකු බිල්ලෙක් මවාපානවා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. රට වර්තමාන පාලකයන් විසින් ණය කරල තියෙනවා. මම අරගත්තු ණයවලින් කරපු දේවල් බලන්න තියෙනවා. සමහර අමාත්‍යවරු සහ පුද්ගලයන් කරන ප්‍රකාශවලින් දැඩි අපහසක් සිදු වෙනවා. ඒවට නඩු නොදා හිටියේ නිකන් උසාවිවල රස්තියාදු වෙන්න බැරි නිසා. නමුත් වර්තමානයේ කරන සමහර චෝදනා දිහා බලනකොට, ඒ අපහස දිහා බලනකොට මෙවුන්ට නඩු නොදා බෑ.”

No comments:

Post a Comment

Post Bottom Ad