කුරුණෑගල හෙද සිසුවිය මිස්‌ ශ්‍රී ලංකා කිරුළ දිනාගත් හැටි හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

කුරුණෑගල හෙද සිසුවිය මිස්‌ ශ්‍රී ලංකා කිරුළ දිනාගත් හැටි හෙළි කරයි

දෙරණ මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමිවීම ගැන මොකද හිතන්නේ ?
අවසන් තරගකරුවන් නවදෙනා අතරට ආවට පස්‌සේ ගොඩක්‌ මහන්සිවුණා. ගොඩක්‌ සතුටුයි.
ඇයි මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන්න හිතුණේ ?
පුංචි කාලේ ඉඳන් මගේ ලොකු හීනයක්‌ තිබුණා රූ රැජිනක්‌ වෙන්න. ඒ වගේම නිරූපණ ක්‍ෂේත්‍රයටත් කැමැතියි.
නිරූපිකාවක්‌ විදිහට කටයුතු කරලා තියෙනවාද?
මම වෘත්තීමය නිරූපිකාවක්‌ නෙමෙයි. නමුත් මෝස්‌තර නිරූපණය කිරීමේ අවස්‌ථා ගණනාවකට සහභාගිවෙලා තියෙනවා. ඒ වගේ නිරූපණය හදාරලා තියෙනවා.
හෙද සිසුවියක්‌ මේ වගේ තරගයකට ඉදිරිපත්වීම ගැන ගෙදරින් විරුද්ධත්වයක්‌ තිබුණේ නැතිද?
මම දැනටත් උසස්‌ අධ්‍යාපනය හදාරනවා. එතකොට මට වෘත්තීමය අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. ඒ වගේම අනාගතයේදී මට වෘත්තියක්‌ තියෙනවා. විනෝදාංශයක්‌ සහ ආත්මතෘප්තියකට මේ වැඩේ කරන හින්දා ගෙදරින් අකමැත්තක්‌ තිබුණේ නැහැ.
හෙද විදුහලෙන් විරෝධයක්‌ ආවේ නැතිද?
කුරුණෑගල හෙද විදුහලේ විදුහල්පතිතුමා සහ ගුරුවරු සියලු දෙනාම වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් මට විශාල සහයෝගයක්‌ ලබාදුන්නා.
ශ්‍යාමාට මුලදී හිතුණේ නැතිද හෙද සිසුවියකට මේ වගේ ක්‍ෂේත්‍රයක්‌ ගැලපෙන්නේ නැහැ කියලා ?
මම හෙද සිසුවියක්‌ විදිහට නෙමෙයි නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධවුණේ. හෙදකම කියන්නේ මගේ වෘත්තිය. විනෝදාංශයක්‌ විදිහට තමයි නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධවුණේ. හෙදකමයි නිරූපණයයි දෙක පටලවා ගත්තේ නැහැ. ඉදිරියටත් එහෙමයි.
ඉදිරියේදී හෙද වෘත්තියෙන් ඈත්වෙනවාද?
නැහැ.කිරුළ ලබාගත්තාට පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මට අවුරුද්දක කාලයක්‌ නිවාඩු ලබාදුන්නා. ඉදිරියේදී මිස්‌ ශ්‍රී ලංකා විදිහට රටට ලොකු සේවයක්‌ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මම හෙදකම අත්හරින්නේ නැහැ. මිස්‌ ශ්‍රී ලංකා ෆොa මිස්‌ අර්ත් කිරුළ හිමිවීමත් සමග ජාත්‍යන්තර ගොස්‌ රටට කීර්තියක්‌ අත්කරදෙන්න තමයි මගේ සූදානම.
රූ රැජන කිරුළ දිනුවාට පසුව රඟපෑමට ආරාධනාවක්‌ ලැබුණොත් භාරගන්නවාද?
මම රංගනය පිළිබඳ ලොකු හැදෑරීමක්‌ කරලා නැහැ. රඟපෑමට රූපය විතරක්‌ තිබිලා මදි. හැකියාව තියෙන්නත් ඕනෑ. මම රංගනය පිළිබඳ හැදෑරීමක්‌ ඇතිව රඟපෑමට එන්න කැමැතියි. අකමැත්තක්‌ නැහැ.
ජනප්‍රියත්වයත් එක්‌ක සමහරු අනාගතය අඳුරු කරගන්නවා. ශ්‍යාමාටත් අනාගතයේදී එහෙම වෙයිද?
මම දැනට හෙද සිසුවියක්‌. ඒ කාලේ ඉඳන් තමයි නිරූපණ ක්‍ෂේත්‍රයට පවා සම්බන්ධවුණේ. ඒ දෙක මම පටලවා ගත්තේ නැහැ.
හෙද වෘත්තියට කැළලක්‌ වෙන වැඩක්‌ කරන්නේ නැහැ ?
කිසිසේත්ම හෙද වෘත්තියට කැළලක්‌ වෙන වැඩක්‌ කරන්නේ නැහැ. හෙද වෘත්තිය හින්දා තමයි මට ජීවිතයේ ගොඩක්‌ දේවල් ලැබුණේ.
ටික ටික ජනප්‍රිය වෙනකොට මුල අමතක කරලා රස්‌සාවෙන් ඉවත්වෙයිද?
අපේ ගෙදරින්වත් කැමැති නැහැ රස්‌සාවෙන් ඉවත්වෙනවාට. මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක්‌ නැහැ හෙද වෘත්තිය අත්හරින්න.
ශ්‍යාමා පෙම්වතියක්‌ද?
නැහැ. මම පෙම්වතියක්‌ නෙමෙයි.
මේ කිරුළ හිමිවීමත් සමග ආදර යෝජනා ගලාගෙන එන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ ?
දැනට ආදර යෝජනා ඇවිත් නැහැ. ඉදිරියේදී බලමු.
ගොඩක්‌ රූ රැජනන්ට ව්‍යාපාරිකයන්ගෙන් සහ දේශපාලනඥයන්ගෙන් ආදර යෝජනා එනවා. ඔබටත් එවැනි අයගෙන් ආදර යෝජනා ආවොත් ?
මම තවම ආදරය ගැන හිතලා නැහැ.
මිස්‌ අර්ත් කිරුළ ලංකාවට ගෙන එන්න පුළුවන්වේවිද?
ලොකු උත්සාහයක්‌ ගන්නවා. ඒ වෙනුවෙන් වැඩකරනවා. අඩුම තරමේ උප කිරුළක්‌ හරි ගෙන එන්න තමයි උත්සාහ කරන්නේ. තවම මට දෙරණ ආයතනයෙන් උපරිම සහයෝගයක්‌ ලබාදෙනවා.
පරිසර රූ රැජින හින්දා අපේ රටේ කුණු ප්‍රශ්නයට ජාත්‍යන්තරයෙන් විසඳුම් ගෙන එන්න පුළුවන් වේවිද?
ඔව්. කුණු ප්‍රශ්නයට සහ ගල්වැල් විනාශය වෙනුවෙන් ජාත්‍යන්තරය හරහා අපේ රට වෙනුවෙන් ලොකු සේවයක්‌ කරන්න හිතාගෙන ඉන්නවා.
දේශපාලනඥයන්ට බැරිවුණ දේ ශ්‍යාමා මේ කිරුළ හරහා කරන්නද හදන්නේ ?
එහෙම දෙයක්‌ නෙමෙයි. දැන් මාව පිරිසක්‌ වගේම රටක්‌ හඳුනනවා. ඒ හින්දා මට උදව්කරාවි කියලා විශ්වාස කරනවා. පොඩි තැනින් පටන් ගමු කියලා තමයි හැමෝටම කියන්න තියෙන්නේ.
දිනේෂ් විතාන

No comments:

Post a Comment

Post Bottom Ad