ටීනා කළකිරීමෙන් – ලිංගික අල්ලස් ගැනත් කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

ටීනා කළකිරීමෙන් – ලිංගික අල්ලස් ගැනත් කතා කරයි

මේ දිනවල කාර්යබහුල ජීවිතයක් ගතකරන ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ කිහිප වතාවක්ම දිනා ඇත්තියකි. ආකර්ෂණීය රූ සපුවකින් හෙබී ටීනා නිරූපණයට අමතරව සිනමාවටද පිවිස සිටින්නීය. ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය.
ටීනට මේ ක්‍ෂේත්‍රය තුළ ඊර්ෂ්‍යා කරන අය ඉන්නවද?
අනිවාර්යෙන් ඉන්නවා. නැහැයි කියන්න බැහැ. ගොඩක් අය දක්ෂතාවයක් නැතිව සහ අවස්ථාවන් ලැබෙන්නෙ නැති නිසා මට ඊර්ෂ්‍යා කරනවා ඇති කියල මම හිතනවා.
ලිංගික අල්ලස් වගේ බලපෑම් එනවා කියල සමහරු කියනවා. මේක ඇත්තක්ද?
මට දැනට හම්බවුණු අධ්‍යක්ෂකවරුන්ගෙන් එහෙම බලපෑම් ඇවිත් නැහැ. මගේ දක්ෂතාවයට තමයි ඒ අය මට අවස්ථාව දුන්නේ. ප්‍රියන්ත අයියා මාව ගත්තෙත් මගේ දක්ෂතාවයට. මට නර්තනය කරන්න පුළුවන් බටහිර පෙනුමක් තියෙනවා. ඒ වගේම මගේ ශරීරයේ හැඩය ඒ හැමදේම බලලා තමයි මේ චිත්‍රපටයට දායක කර ගත්තේ.
මේ ක්‍ෂේත්‍රය තුළ ප්‍රමිතියක් නැති වෙලා නේද දැන්?
නිරූපණ ක්ෂේත්‍රය නම් නැත්තටම නැතිවෙලා තියෙන්නේ. මොකද මේ අලුතින් එන අය හා සමහර ඡායාරූප ශිල්පීන් නිසා. මම ගොඩක්ම මේ පැත්තෙන් ටිකක් ඈත් වෙලා චිත්‍රපට පැත්තට යන්න ගත්තෙත් ඒ නිසා තමයි. ගොඩක් අය මේ ක්ෂේත්‍රය දැන් විවේචනය කරනවා. ලංකාවේ කට්ටිය හිතාගෙන ඉන්නෙ මොඩ්ල් කෙනෙක් වෙන්න හැමෝටම පුළුවන් කියලා. ඒ ගැන ලොකු කණගාටුවක් තියෙන්නේ.
අද අඩනිරුවත් මියුසික් වීඩියෝ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඔබට ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ නැද්ද?
නැහැ. මම හොඳට කල්පනා කරලා වැඩ කරන්නේ. මම දැන් ගොඩක් දුරට මියුසික් වීඩියෝ නතර කළා. මම ෆිල්ම් පැත්තෙන් යන්න හිතාගෙන ඉන්න නිසා ගොඩක් දේවල් ප්‍රතික්ෂේප කළා.
ජනප්‍රිය වෙන්නේ වැරදි පාරකින් කියලා කවුරුත් ඔයාට චෝදනා කරන්නේ නැද්ද?
මම ජනප්‍රිය වෙන්නේ වැරදි පාරකින් කියලා කාටවත් කියන්න බැහැ. මම මිස් ශ්‍රී ලංකා වලින් කිහිප වතාවක්ම ක්‍රවුන් අරන් තියෙනවා. ටීනා කියන චරිතය ඕන කෙනෙක් දන්න චරිතයක්. මම ගොඩක්දුරට හොඳ වැඩ කරලා තියනවා. ඒකයි මිනිස්සු මාව මෙච්චරටම දන්නේ. මම හොඳ නිරූපිකාවක් නිසානේ මට ආරාධනා ලැබෙන්නේ.
අද වන විට ටීනා ලංකාවේ බ්‍රෑන්ඩ් නේම් එකක් වෙලා කියලා විශ්වාස කරනවාද?
ඔව් අනිවාර්යයෙන්ම. අද වන විට මම නාට්‍ය කරන්නේ නැති වුණාට මම පාරෙ බැහැලා යද්දි මිනිස්සු මට කතා කරනවා. මම කළ මියුසික් වීඩියෝ ලස්සනයි කියනවා. මිනිස්සුන්ගේ හිතට වදින විදියට දෙයක් කරල තියෙන නිසා මිනිස්සු ඒ චරිත ගැන කතාබහ කරනවා. මම දන්නවා ලංකාවේ හොඳ මොඩ්ල්ස්ලා අතරේ මගේ නමත් තියෙනවා කියලා. මම අනිත් මොඩ්ල්ස්ලා එක්ක ගත්තාම හරිම වාසනාවන්තයි. මොකද අනිත් අයට හම්බ වෙන්නෙ නැති අවස්ථා මට හම්බ වෙනවා. මට දක්ෂතාවයක් තියෙනවා. මට මීට වඩා ගොඩක් දුර යන්න පුළුවන්.
මේ වෙන දේවල් එක්ක ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් නැද්ද?
ඇත්තටම කලකිරීමක් තියෙනවා. ඔය ඔක්කොම වෙන්නේ අලුතින් මේ ක්‍ෂේත්‍රයට එන අය නිසා. එයාලට ඕන ඉක්මනින් ජනප්‍රිය වෙන්න. ඒ වුණාට එහෙ වැඩි ගමනක් යන්න බැහැ.
උපුටා ගැනීම “අද” පත්තරෙන්

No comments:

Post a Comment

Post Bottom Ad