සාගරිකා දුම්රියේ ගැටී අයෙක් මරුට - PHOTO

අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනය අසළ ප්‍රදේශයේදී අද (06)අලුයම සාගරිකා දුම්රියේ ගැටී  එක් අයෙකු ජිවිතක්ෂයට පත්වුණා. දුම්රිය හරස් මාර්ගයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ  යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයෙකුයි.

ඒ වනවිට දුම්රිය ගේට්ටුකරු එක් පෙදෙසක ගේට්ටුවක් පමණක් වසා තිබී ඇති අතර අනෙක් පස ගේට්ටුව දෙසින් පැමිණි යතුරු පැදිය දුම්රියේ ගැටී තිබෙනවා. යතුරුපැදිකරුට තිරිංග ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිවීම නිසා දුම්රියේ ගැටී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළේ.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment