රට ණය බරින් නිදහස් කරන්න අගමැති වෙන්දේසි ක්‍රමයක් ගෙන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

රට ණය බරින් නිදහස් කරන්න අගමැති වෙන්දේසි ක්‍රමයක් ගෙන්න යයි

රට තුළ පවතින ණය බරින් නිදහස් වීමට නවතම වෙන්දේසි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විශාල ණය මුදලක් ගෙවීමට රජයට මේ වන විට සිදුවී තිබෙන බැවින් මහ බැංකුව හා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර මෙම නවතම වෙන්දේසි ක්‍රමය සහ ණය ගෙවීම සඳහා වෙනම නඩත්තු කාර්යාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි අගමැතිවරයා සඳහන් කළේ.

එසේම එම ණය ගෙවීමේ නඩත්තු කාර්යාලය භාණ්ඩාගාරය හා සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක්ද ඇති කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) කොළඹ 08 ඇල්විටිගල මාවතේ අංක 80ඒ දරන ස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරනු ලැබූ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදීයි.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ ඉදිරියේදී මෙරට ජාතික ණයභාවය 70% දක්වා අඩු කිරීම තමාගේ ඉලක්කය වන බවයි. ඒ අනුව ඒ සඳහා මහ බැංකුවෙන් කෙටි හා මධ්‍යකාලීන ණය පාලන උපක්‍රමයක් ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad