විද්‍යා ඝාතනය සිදුවූ අයුරු හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

විද්‍යා ඝාතනය සිදුවූ අයුරු හෙළිවෙයි

විද්‍යා ඝාතනය සිදුවී ඇත්තේ හිස පිටුපසට සිදුකළ පහරදීමක් හේතුවෙන් මොළය අභ්‍යන්තරයට ලේ ගැලීම ‍නිසාවෙන් හා ගෙල සිරකොට තිබීමෙන් යන කාරණාවන්ගෙන් වන බව යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා විද්‍යා ඝාතන නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබෙනවා.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා ඉදිරියේදී ඊයේ (05) නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය පැවැත්වු අවස්ථාවේදි අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා එලෙස පවසා ඇත්තේ. ආරුමුගම් රගුපති පිල්ලේ මහතා ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරනුත් මහතා ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියා.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇඳුමින් සැරසී පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබුණා. ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සඳහන් කරනු ලබන්නේ. නීතිපති දෙපාර්තමේන්තු නියමයන් අනුව ඉතිහාසයේ පළමු වරට යාපනය මහාධිකරණය තුළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාගය කැඳවා තිබෙනවා.



මාධව කුලසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad