මැතිව්ස්ගේ ඥාතියකු සමග එක්වී ‘අසංක’ චාලි කල වැඩේම කරලා? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

මැතිව්ස්ගේ ඥාතියකු සමග එක්වී ‘අසංක’ චාලි කල වැඩේම කරලා?

මේවන විට ශ්‍රී ලංකා පිලේ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා ජෙෆ්රි වැන්ඩසේගේ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන අසංක විජේවර්ධන ද චාලි සේම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉදිරියේදී හිසරදයක් වනු ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චාලි ඔස්ටින් එංගලන්තයේ සිට ලංකාවට විත් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් දසදෙනෙකුගේ කළමනාකරු ලෙස කටයුතු කරන අතරේ අසංක එංගලන්තයේ සිට ශ්‍රී ලංකා නායක ඇංජලෝ මැතිවුස්ගේ ඥාතියකු සමඟ ද එක්කරගනිමින් කළමනාකාර වැඩ සිදුකරන බව පැවසේ.ඉකුත් එංගලන්ත සංචාරයේදී අසංක ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ බස් රථයේ පවා ගමන්ගෙන ඇති බවත්, ඔහු ක්‍රීඩකයන් හා නිලධාරීන්ට පමණක් යා හැකි ස්ථානවලද එම සංචාරයේදී සිටි බව එංගලන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු ඒ සඳහා නිලධාරීන්ට ලබාදෙන හැඳුනුම්පතක් ද බෙල්ලේ දමාගෙන සිටි බව පැවසේ. තේරීම් කමිටුවේ ජ්‍යෙෂ්ඨයෙක් ද අසංක සමග කිට්ටුවෙන් ගනුදෙනුකරන අතර එය ශ්‍රී ලංකා පිලේ තේරීම්වලට ද බලපෑම් ඇතිවිය හැකි තත්ත්වයක් බව ක්‍රිකට් ප්‍රවීනයෝ කියති. එංගලන්ත ප්‍රාන්ත තරගාවලි සඳහා එක් වූ විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයකුගේ රියදුරා ලෙසද මොහු පසුගිය කාලයේදී කටයුතු කර ඇති බව වාර්තා වේ.

අසංකට, ස්ථිර රැකියාවක නිරත නොවන අතර ඔහු ආදායම් උපයන්නේ කෙසේද යන්න එංගලන්තයේ පදිංචි ලාංකිකයන්ටද ගැටලුවක් වී ඇතැයි පැවසේ. මේවන විට විශ්‍රාමික ලාංකික වේගපන්දු යවන්නෙකුට පසුගිය කාලයේදි ඇමරිකාවෙන් ඉන්ධන පිරවුම්හලක් මිලදී ගැනීමේ ගනුදෙනුවකද මොහු තැරැව්කරුවා ලෙස කටයුතු කර ඇති බවද මේ අතර වාර්තා වේ.



-Sri lanka mirror

No comments:

Post a Comment

Post Bottom Ad