මන්ත්‍රී බන්දුල ඇමති රවීව අධිකරණයට ගෙනියන පාර කපයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

මන්ත්‍රී බන්දුල ඇමති රවීව අධිකරණයට ගෙනියන පාර කපයි

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ඒ, සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශය යටතට පත් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින්.


මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය රවී කරුණානායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන්. කැබිනට් සංශෝධනයෙන් පසු අමාත්‍යාංශ විෂයන් බෙදීම අභියෝගයට පක් කරමින් අධිකරණයට යන බව ඒකාබද්ධ විපක්ෂය මීට පෙර ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යාංශය යටතේ පැවැතිය යුතු සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පවරා දීම නීතියට පටහැනි බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

1963 ලොතරැයි මණ්ඩල පනත අනුව පැවතිය යුතු ආයතනයක් බවද එම ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස් දෙනකු පත් කළ යුත්තේ මුදල් අමාත්‍යවරයා විසින් බවද ඒ පස් දෙනාගෙන් කෙනකු සභාපති ලෙස පත් කිරීමේ බලය ඇත්තේද මුදල් අමාත්‍යවරයාට බව ඒකාබද්ධ විපක්ෂය කියා සිටියා. ජාතික ලොතරැයි මණ්ඩල පනත මේ දක්වා සංශෝධනය කර නොමැති බැවින් විදේශ අමාත්‍යාංශය යටතට පවරා ඇති ලොතරැයි මණ්ඩල එසේ පැවරීමට ඇති ඉඩකඩ පිලිබඳව නිර්වචනය කර ගැනීම සඳහා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad