මහපාර අයිනෙන් හමුවූ හිස් කබල (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

මහපාර අයිනෙන් හමුවූ හිස් කබල (PHOTOS)

මන්නාරම කර්මාන්තපුරයේ මිනිස් හිසක කොටසක් සොයාගනියි.
මන්නාරම තලෙයිමන්නාරම කර්මාන්තපුරය ආසන්න ප්‍රදේශයේ අස්ථි කොටස් පවතින බවට වන සැකයක් මත මන්නාරම පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථානය පරීක්ෂා කෙරුණා. ඒ  මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ අධීක්ෂණය යටතේ.

මන්නාරම පොලිසිය පැවසූවේ  ලද තොරතුරක් මත මන්නාරම අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ  ඊයේ (05) පරීක්ෂණ පැවැත්වු  අතර මිනිස් හිස් කබලක කොටසක් පමණක් සොයාගත් බවයි. මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතා, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ආර්.ඒ.එස්.රාජපක්ෂ මහතා, මන්නාරම අධිකරණ වෛද්‍ය නිළධාරි එම්.යු.එම්.ෂම්වාන් මහතා ඉඳිරියේ පරීක්ෂණ පැවැණා. 

මන්නාරම කර්මාන්තපුරය ආසන්න ස්ථානයේ ජල මාර්ගයක අස්ථි කොටස තිබු අතර, අවට ප්‍රදේශයේ පරීක්ෂා කළද වෙනත් අස්ථි කිසිවක් හමුව නැහැ. හිස් කබලේ කොටස විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ පරීක්ෂා කිරීම් වෙත යොමුකොට තිබෙනවා. මීට පෙර මන්නාරම තිරුකේදීශ්වරන් මාර්ගය ආසන්නයේ තිබි සමූහ මිනිවළක අස්ථි කොටස් හමුවු අතර, අදාළ ස්ථානයෙන් මිනිස් සිරුරු 81ක  අස්ථි කොටස් සොයා ගෙන තිබුණා.

(වවුනියාව - මාධව කුලසූරිය)

No comments:

Post a Comment

Post Bottom Ad