හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන වරද පිළිගනී

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටිමින් වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අධිකරණයේදී අද (6) වරද පිළිගත්තා. 

ඒ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවේ කැදවූ අවස්ථාවේදීයි. මෙම චෝදනාවට විත්තිකරුට දඩුවම් නියම කිරීම මේ මස 20 වනදා සිදු කරන බවයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් 2005, 2007 කාලය තුල වත්කම් බැරකම් හෙලි නොකළ බවට අල්ලස් කොමිසම සරණ ගුණවර්ධනට එරෙහිව නඩු දෙකක් පවරා තිබුණා.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment