නන්දිකඩාල් කලපුව සිඳෙයි (PHOTOS)

මුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් නන්දිකඩාල් කලපුව ඇතුළු කුඩා කලපු සිඳීයෑමත් සමග කලපු ආශ්‍රිත ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවර පවුල් 4800ක් පමණ පීඩාවන්ට පත්ව සිටින බවයි එම ධීවරයෝ පවසන්නේ.

වෙනත් වසරවලට වඩා මෙවර නන්දිකඩාල් කලපුවේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම සිඳීගොස් ඇති අතර, කලපුවේ ඉතිරි ජල මට්ටමද ශීඝ්‍රයෙන් සිඳීයමින් පවතන බවත්, නන්දිකඩාල් කලපුව අවට පිහිටි කුඩා කලපු කිහිපයක්ද සම්පූර්ණයෙන්ම සිඳීගොස් ඇති බවයි. පසුගිය දිනයන්හි නන්දිකඩාල් කලපුවේ මසුන් දහස් ගණණක් මියගියේද අධික පෑවිල්ලත් සමඟ කලපුවේ ජලය උණුසුම් කාලගුණය වීම හේතුවෙන් මසුන් විශාල ප්‍රමාණයක් එකවර මියයෑම නිසා සිය මත්ස්‍ය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව ඔවුන් සඳහන් කළේ.






Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment